කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් ඒකක 2000 ආසන්න ප්‍රමාණයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු නෛත්රික ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් රජයේ ගිණුම් කාරක සභාව විසින් කොළඹ මහනගර සභාවට නිර්දේශ කර තිබේ.
අනවසර ඒකක නිවාස , ඉඩම් , ව්‍යාපාර ආදී වශයෙන් වෙන්කර සුදුසු නෛත්රික ක්‍රියාමාර්ග ගන්නා ලෙස 2012 සිට 2016 දක්වා කාලයේදී කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් පිළිබඳ ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ගිණුම්කාරක සභාවට ලබාදෙන ලෙසද මහනගර සභාවට නිර්දේශ කර තිබේ.
රජයේ ගිණුම්කාරක සභාවේ මේ වසරේ පළමු වාර්තා එහි සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් ඊයේ(21දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර එම වාර්තාවේ මෙම නිර්දේශ ඇතුළත් වේ.
රාජ්‍ය ආයතන 19 ක් පමණ පරීක්ෂාවට ලක්කර මෙම වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.