කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් එයට විරෝධය දක්වන බවත් සඳහන් කරමින් වරාය සේවකයන් ඊයේ (29දා) කොළඹ වරාය පරිශ්‍රයේදී විරෝධතාවක් පැවැත්වීය. ඔවුන් මෙසේ විරෝධතාව පැවැත්වූයේ දෙවැනි අවස්ථාවටය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යනු ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති ගැඹුරුම පර්යන්තය වෙයි. මෙම පර්යන්තය තුළ විශාල ප්‍රමාණයේ නෞකා පහසුවෙන් හැසිරීමට හැකියාවක් ඇති අතර එහි මූලික ඉදිකිරිම් මේ වන විට අවසන්ව තිබේ.
මෙම පර්යන්තයේ සවිකිරීමට අවශ්‍ය දොඹකර පවා කොළඹ වරායට ගෙන්වා තිබුණත් එහි සවිකිරීම් ආරම්භ කර නොමැත.
මෙහිදී අදහස් දැක්වූ විධායක නිලධාරී සංගමයේ ලේකම් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ එම දොඹකර වරායට ගොඩබෑමට යම් පිරිසක් අවස්ථාව ලබානොදෙන බවයි.
ඉංජිනේරු සංගමයේ සභාපති නිශාන්ත මහතා මෙහිදී සඳහන් කළේ පර්යන්තයේ ඉදිකිරීම් අවසන් කිරීමට සියලු හැකියාවන් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඉංජිනේරුවන් සතු බවත් එය සිදුකිරීමට අවස්ථාව දෙන ලෙසත්ය.
මෙහිදී අදහස් දැක්වූ ස්වාධීන සේවක සංගමයේ සභාපති ලාල් බංගමුව මහතා “ලක්ෂ 69ක් ආණ්ඩුවට ඡන්දය දීලා පත්කළේ මේවා විකුණන්න නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වේ පෞද්ගලීකරණය කරපු සියලු දේවල් රජයට පවරා ගන්නවා කිව්වා. හම්බන්තොට වරායත් පවරා ගන්නවා කිව්වා. මේවා ජනාධිපතිතුමා දන්නේ නැතුව වෙන්නෙ ඇති. එතුමාත් දැනගෙන කරනවානම් සොරිම තමයි.”
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් වරාය වෘත්තීය සමිති සභාපති ප්‍රසන්න ප්‍රසන්න කලුතරගේ මහතා “ වරාය සේවකයා එක්ක සෙල්ලම් කරන්න එපා. අපි දන්නවා සටන් කරන්නේ කොහොමද කියලා. දැන් සැලසුම් කරනවා ඇති වෘත්තීය සමිති නායකයෝ කොහොමද ගෙදර යවන්නේ ස්ථාන මාරු කරන්නේ කියලා. අපේ සභාපතිතුමා දයා රත්නායක මහතා යුද්ධ කරන කෙට අපිත් වරාය සේවකයන් ලෙස සහාය දැක්වූවා. කැබිතිගොල්ලෑවට ගිහින් බංකර් ගැහුවා.
වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්න එපා. මොන ගිවිසුම් තිබුණත් ඒවා ඉරා දාන්න පුළුවන් නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා. ගිවිසුමක් නෑ. අවබෝධතා ගිවිසුමක් තිබෙන්නේ. ඔය ගිවිසුම ඉරලා දාලා නැගෙනහිර පර්යන්තය වරාය සතු කරන්න. නැගෙනහිර පර්යන්තය ගියොත් ජය බහාලු පර්යන්තය නැතිවෙලා යනවා.”
වාණිජ කර්මාන්ත හා ප්රගතිශීලි සේවක සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා “ 1999 ශ්‍රී ලංකාවේ පළමු පර්යන්ත යවිකුණා දමනවා. ඒ නායකයෝ ඇවිත් කිව්වේ ඩොලර් මිලියන 10ක් ලැබෙන්නේ අපිි මේක ඩොලර් මිලියන 20කට වැඩිකර ගමු කියලයි. අද ඩොලර් මිලියන 5ක්වත් ලැබෙන්නේ නෑ. අපිට ලැබෙන ආදායමෙන් විශාල ප්‍රමාණයක් විදේශීය රටවලට හා බහුජාතික සමාගම්වලට ගෙවනවා.
එදා 99 හිටපු ආණ්ඩුවට උදව් කරපු ලේකම්ලා අදටත් උපකාර කරනවා රත්තරන් බිත්තර දාන්න ඉන්න කිකිළිය මරා ගන්න හදනවා. ඒ ලේකම්වරු කවුද කියලා අපි ඉස්සරට ප්‍රසිද්ධියේ කියනවා. වරාය අධිකාරියේ අනාගත පණනල ගැට ගැහිලා තියෙන්නේ නැගෙනහිර පර්යන්තය නිසා.
මේක අපිට තිබෙන ගැඹුරුම පර්යන්තය. 2015 වෙනකොට පර්යන්තයේ වැඩ සියයට 45ක් ඉවරවෙලා තිබුණේ. හැබැයි යහපාලන රජයට තිබුණේ විදේශ රටවල් සතුටු කරන ප්‍රතිපත්ති. ඔවුන් මේක කුණු කොල්ලයට විකුණන්න හැදුවේ. මේක වික්කාම අපේ රටට ආයතනයට වෙන පාඩුව අපි දන්නවා. අපිට තොරතුරු දැන ගන්න තිබෙනවා ඉන්දියා රජය මේක ඕන කියනවලු.
එකා පිට එකා මැරිලා වැටිලත් මාතෘ භූමිය බේරා ගත්තා. ඉන්දියාව කියනවා වරාය අධිකාරියේ 10000ක් අපි මරාගෙන මැරිලා හරි නැගෙනහිර පර්යන්තය බේරා ගන්නවා. එක මගේ අම්මා දෙක මගේ වරාය. පළමුවැනිදා සිට අපි පැය 24ක් දෙනවා. දොඹකර බා ගනන්න අවස්ථාව දෙන්න. ඒ සඳහා කළයුතු කළ හැකි සියල්ල කරනවා. බිල්ලක් ඕන නම් ඒ බිල්ල දෙනවා.”