දිස්ති‍්‍රක්ක 07ක ජනතාවගේ කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැව් ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපය තුළ එහි ප්රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයක් වූ වැව් ගම් පුබුදුව කි‍්‍රයාවට නැංවෙන්නේ හරිත දේශගුණික අරමුදලේ රුපියල් මිලියන 3,682ක හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් රුපියල් මිලියන 1,250ක වියදමිනි.
2015 නොවැම්බර් මස ප්‍රංශයේ පැරිස් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට එළැඹීමෙන් පසු එම ගිවිසුමේ මූලික අරමුණක් වූ දේශගුණික විපර්යාසවල අනිසි බලපෑම්වලට මුහුණ දීම සඳහා මුල්‍ය පහසුකම් සැලසීම යටතේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මේ සඳහා මුදල් හරිත දේශගුණික අරමුදල යටතේ ශ්‍රී ලංකාවට ලැබිණි.
මේ ව්‍යාපෘතිය පොළොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර, වව්නියාව, පුත්තලම, ති‍්‍රකුණාමලය හා මන්නාරම යන දිස්ති‍්‍රක්ක 7ක මල්වතුඔය, මී ඔය හා යාන් ඔය යන ගංගා ද්‍රෝණි 03 ආශ්‍රීතව කි‍්‍රයාවට නැංවේ.
එල්ලංගා පද්ධති 16ක ග්‍රාමීය වැව් 325ක් හා පරිසර පද්ධති 75ක් ප්‍රතිස්ථාපනය කෙරෙන අතර දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය යටතේ ග්‍රාමීය වැව් 325ක් ආශි‍්‍රතව හෙක්ටයාර් 9750ක වී ගොවිතැන වැඩි දියුණු කිරීම, සුළු පරිමාණ ගොවීන් 520,000කට කෘෂි කාලගුණික උපදෙස් ලබාදීම හා ගොවි කාන්තාවන් 16,677ක් දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තයට යොමු කිරීමට සැලසුම් කර ඇත.
මින් වැව් 140ක සංවර්ධන කටයුතු මේ වන විට නිම වී තිබෙන අතර මෙම අගෝස්තු මාසයේ දී ඒවා ජනතා අයිතියට පවරාදීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.