2011 ලෝක කුසලාන අවසන් තරගයට ක්‍රීඩා කර ක්‍රීඩකයන් ඊට සම්බන්ධ නැති බව ප්‍රකාශ කරද්දී තමන් ඒ සම්බන්ධයෙන් තමන් අදහස් දැක්වීම අවශ්‍ය නොවන බව මුත්තයියා මුරලිදරන් සඳහන් කර සිටියි.
“එයා කියනවනම් මේ දේට ක්‍රීඩකයන් සම්බන්ධ නෑ කියලා ඒ තරඟය සෙල්ලම් කරපු කෙනෙක් විදිහට මම මොකුත් කියන්න අවශ්‍ය නෑ”
තේරීම් කමිටුවේ තීරණ තමන්ට අදාල නෙවන බවත් අවුරුදු 20ක ක්‍රිකට් ජීවිතය තුළ තමන් කිසිවෙකු විවේචනය කර නැති බවත් ඉදිරියේ දී විවේචනය කිරීමට බලාපොරොත්තු වන්නේ නැති බවත් ඔහු පැවසීය.
නුවරඑළියේදී ඊයේ (27) පැවැති උත්සවයකින් පසු ඔහු මාධ්‍යට මේ බව සඳහන් කළේය.