Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
කථානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී පක්ෂ නායකත්ව භාරගන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබෙන අතර, දැනට පක්ෂයේ අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පක්ෂ නායකත්වය භාරගැනීමට නොහැකි බවද ජයසූරිය මහතා පවසා ඇතැයි එම ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතරේ හටගෙන තිබෙන ගැටලුකාරී තත්ත්වය මධ්‍යයේ තමන්ට නායක ධුරය ලබාගෙන කටයුතු කිරීමට නොහැකි බවත්, මහ මැතිවරණයක් අබියසදී පාක්ෂිකයන් දෙපසට වී චෝදනා කර ගන්නා පරිසයක් තුළ පක්ෂය ජයග්‍රාහී මට්ටමට ගෙන යා නොහැකි බවත් ඒ මහතා පවසා තිබේ.
තමා නායක ධුරය ලබාගත්තද එම කටයුතු කඩාකප්පල් කිරීමට පිරිසක් බලා සිටින බවත්, පක්ෂයේ නායකයන් එක්ව සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා ලෙසත් කථානායකවරයා පවසා ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රීවරුන් මේ වනවිට කටයුතු කරන ආකාරය අනුව එක්සත් ජාතික පක්ෂයට විශාල හානියක් සිදුව තිබෙන බවද කරූ ජයසූරිය මහතා සඳහන් කර තිබේ.
මේ අතර ඉදිරි මාස 04ක කාලය තුළ කරූ ජයසූරිය මහතා තවදුරටත් කථානායක ධුරයේ කටයුතු කරනු ඇති බවද ඔහුට සමීප ආරංචිමාර්ග පවසා සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී තවදුරටත් කථානායක ධුරයේ වගකීම් දරන ලෙස කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වේ.
ඒ අනුව ඉදිරි මාස කිහිපයේ කථානායක ධුරයේ වෙනසක් සිදුනොවනු ඇති බවද කරූ ජයසූරිය මහතාට හිතවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් ඇතැම් මන්ත්‍රීවරුන් කථානායක ධුරයට වාසුදේව නානායක්කාර මහතාගේ නම යෝජනා කර තිබිණි.
popular news
samson de silva Monday, 25 November 2019 07:16 AM
බලාගෙන ඉන්න. මේකා සූදානම් වෙන්නේ පොහොට්ටුවට පනින්න.
Reply : 1 0
Champa Monday, 25 November 2019 07:43 AM
පොඩ්ඩ ඉන්න පොඩ්ඩක් ඉන්න. එනපොට හොඳ නැහැ වගේ. සිංහල බෞද්ධ චන්ද අරන් ගෝඨාභයගේ මැරයෝ අපේ සහෝදර සිංහල බෞද්ධයන්ටම ගහනවා. ගෝඨාභය පරදිනවා කිව්ව ජ්යෙතිර්වේදියෝ දැන් මරණ බයෙන් ඉන්නේ. අර සුජිත් නිශාන්තගෙයි රුක්ෂාන් ජයසේකරගෙයි ගෙදරවල් වලට ගහල ඒ ගොල්ලෝ ගෝඨාභය පරදිනවා කියලා කිව්වා නිසා. සරත්චන්ද්‍රත් ඉන්නේ බයේ. චන්දෙ දවස්වල මම "Star Wars" බැලුව. ඉතිහාසයේ පලවෙනි වතාවට ජ්‍යෙතිර්වේදීන් විශාල ප්‍රමාණයක් දෙකට බෙදිලා තර්ක කළා. තමන් දන්නා ශාස්ත්රයේ විදිහට පිරිසක් කිව්වා ගෝඨාභය දිනනවා කියල. අනිත් පිරිස කිව්වා සජිත් දිනනවා කියල. ඒ මිනිස්සු කිව්වා මේ විදිහට බය නැතුව අදහස් ප්‍රකාශ කරන්න තියෙන නිදහස ගැන හරිම සතුටුයි කියල. දැන් සජිත් දිනනවා කිව්වා ජ්‍යෙතිර්වේදීන්ට ගෝඨාභයගේ මැරයෝ ගහනව. තවම සිවිල් මැරයෝ. අනිත් එක මහා චන්දෙත් ළඟ එත්දී මෙහෙම නම් චන්දෙන් පස්සේ කොහොම හිටීද? ගෝඨාභයට වැටුණු චන්ද බහුතරයක් ගෝඨාභය නිසා ලැබුණු චන්ද නෙමෙයි. මිනිස්සුන්ට යහපාලනය ගෙදර යවන්න ඕනේ නිසා දුන්නු චන්ද. සිංහලයෝ ගෝඨාභය දිනෙව්ව කියන මහා සංඝ රත්නය මොකොද දැන් කියන්නේ ගෝඨාභයගේ මැරයෝ අපේ සහෝදර සිංහලයන්ටම ගහන කොට? මෙහෙම ගියොත් මිනිස්සුන්
Reply : 0 2
Champa Monday, 25 November 2019 08:01 AM
මම කියන්න ගියේ මෙහෙම ගියොත් මිනිස්සු හිතයි ජනාධිපති වෙලා මෙහෙම නම් පාර්ලිමේන්තුවේ 2/3 දුන්නොත් වෙඩිත් කන්න වෙයිනේ කියල. මිනිස්සුන්ට චන්දෙ දාන්න වගේම තමයි දිනන්නේ කවුද කියලත් කියන්න අයිතියක් තියෙනව. දැන් අර පොටවත්ත මේ දවස්වල කැහගහන්නේ, මිනිහ 2015 කිව්වනේ මහින්ද ආයේ කවදාවත් අගමැති වෙන්නේ නැහැ කියල. ඉතින් එහෙම කිව්ව කියල මහින්ද මිනිස්සු දැම්මල මිනිහගේ ගෙදරට ගැහැව්වද? එයත් එක්ක තර්ක කරන අයට කියන්නේ අතෑරලා දාන්න මිනිහ අනාවැකි කිව්වේ ජ්යෙතිෂ්යයෙන් නෙමෙයි මං හිතන්නේ. මම කියන්න ගියේ කථානායකතුමා, මේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න. තව ලොකු පිරිසකුත් දැන් බයෙන් ඉන්නේ. අපි ඔක්කොම සිංහල බෞද්ධයෝ. ගෝඨාභයගේ මැරයෝ මේ ගහන්නේ අපේම සහෝදර ජනතාවට. ගෝඨාභයටයි පොහොට්ටුවයි දෙකටම කියන්නේ. සිංහල බෞද්ධයා කියන්නේ සටන් කරන කොට පණ දීල සටන් කරත් ජයග්රහණයෙන් පස්සේ පරාජිතයාට දයාව කරුණාව දක්වන ජාතියක්. හොඳම උදාහරණෙ සරත් පොන්සේකා කැළණි පන්සලට ගිය වෙලාවේ මිනිස්සු දුක සැප අහන්න වට වෙච්ච හැටි. චන්දෙට ඉස්සෙල්ල එහම කලේ නැහැ. ඒ යූඑන්පීකාරයොත් නෙමෙයි. මිනිස්සු ගිහින් කතා කලේ සරත් පොන්සේකගෙන් ගෝඨාභය පලිගනි කියල බයක් තියෙන නිසා.
Reply : 0 0
Champa Monday, 25 November 2019 08:29 AM
මේක අගමැතිතුමාටත් කියන්න ඕනේ. මම කැමතියි එතුමා අගැමති වුනු එකට. ඒ මොකොද කිව්ව නම් මේ වගේ බාල වැඩ නොකරන නිසා. මිනිස්සු දිනා ගන්න මිසක් පලිගන්න විදියේ වැඩ නොකරන නිසා. අනික ගෝඨාභය ජනාධිපති වුනහම අගැමති කරන්න හිටියේ මහින්ද නෙමෙයි. හොඳ වෙලාවට එහෙම නොවුනේ. නැත්නම් මිනිස්සුන්ට කවුරුවත් නැති වෙනවා. මම කියන්න ගියේ අගමැතිතුමා, ගෝඨාභයගේ මැරයෝ සජිත් දිනනවා කිව්ව ජ්‍යෙතිර්වේදීන්ගේ ගෙදර වලට ගහල. ඔවුන්ට චන්දෙට කලිනුත් තර්ජන තිබ්බ. නමුත් ඔවුන් තමන් ඉගෙන ගත්ත ශාස්ත්‍රය අනුව අනාවැකි කිව්ව. ඒ මොකොද කිව්ව නම් මිනිස්සු විශාල පිරිසක් ඔවුන්ගේ අනාවැකි දැන ගන්න කැමති වෙච්ච නිසා. දැන් අනිත් ජ්යෙතිර්වේදිනුත් බයේ ඉන්නවා තමන්ගේ ජීවිත ගැන. මෙහෙම වෙන්න බැහැනේ. ඒ හින්ද මේ වැඩේ දුරදිග යන්න ඉස්සෙල්ල නවත්තන්න. නැත්නම් ඉතින් ජීවිතේට ආදරේ මිනිස්සු, පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා මාධ්‍ය නිදහස අගය කරන මිනිස්සු හිතයි වෙන පක්ෂෙකට පාර්ලිමේන්තුවේ 2/3 දීල නිදහසේ ජීවත් වීමේ අයිතිය බුක්ති විඳින්න. ඒ හින්ද ගෝඨාභයට කියල දෙන්න ජයග්රහණයේදී නිහතමානී වෙන විදිහ. තමන් වටේ ඉන්න පිරිස හසුරුවා ගන්න බැරි මිනිහ රටක් පාලනය කර
Reply : 0 0
Champa Wednesday, 27 November 2019 05:56 AM
හා හා හා මගේ වලට ප්‍රතික්‍රියා දැක්කහම සැබෑ සතුටක් දැනෙනවා. වහල් ආණ්ඩුව අපිට කතා කරන්න සහ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දුන්නු හින්ද තමයි රටට එරෙහිව කරන්න හදපු බොහෝ ද්‍රෝහී ක්‍රියා නවත්ත ගන්න පුළුවන් වුනේ. ඒ හින්ද ඉදිරියටත් ඒ නිදහස ආරක්ෂා කර ගන්න පාට පක්ෂ භේදයක් නැතුව සියලු දෙනා එකතු වෙන්න ඕනේ. ඊළඟ පාර්ලිමේන්තුව මොන වගේ වෙන්න ඕනෙද කියන එක හොඳට හිතල බලල ගන්න ඕනේ තීරණයක්.
Reply : 0 0
ranjith Thursday, 28 November 2019 04:30 AM
නායකයා තෙන්දු කරන්න ජනතාවගේ අදහස් බලන්න නෙතිනම් පක්ෂය එවරම වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd