අපි මේ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටූවනවා. දැන් මේ ආණ්ඩුවට යන්න බැහැ.බොහොම දුර්වල මට්ටමකයි තියෙන්නේ. ගෝලීය ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න බැහැ. මේ ආණ්ඩුව එදත් අවුරුදු දෙකක් කෙටිකර ගත්තා යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසූවේ ඊයේ (28) කුලියාපිටිය නිවසේ පැවති වාරියපොළ යන කොට්ඨාසවල රාජ්‍ය සේවකයන් දැනුවත් කිරීමේ හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා ,
යහපාලන රජයේ අපි ලක්ෂ පහලවක් වුණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට එකසිය හැටකින් වැඩිකලා. ඩිසල්, පෙට්‍රල් අඩුකලා. සුවසැරිය ගෙනාවා. ගෑස් එක්දහස් ගණනකින් අඩුකලා. ගමේ වගේ අතිවිශාල වැඩකොටසක් කරලා ආර්ථිකය හදලා කප් ගහලා අපි ඉන්නේ.
මේ කුරුණෑගල අධිවේගී මාර්ගය හදලා ඉවර කරලා තියෙන්නේ. දැවැන්ත සංවර්ධනයක් කරන්න අපිට හැකිවුනා. ඔන්න මම අද කිව්වා කියලා පොතක ලියලා තියාගන්න. ආණ්ඩුව ඔබේ වැටුප් කපනවා මේ ඡන්දයෙන් පස්සේ ඒක මට විශ්වාසයි . ඔබේ දීමනා කපනවා මොකද ආණ්ඩුවට යන්න බැරි නිසා.
මැදපෙරදිග සේවය කරන අපේ ශ්‍රමිකයෝ ගෙනාපු ඒ සල්ලිවලින් තමයි අපේ ආර්ථිකය වැඩි හරියක් දිව්වේ. සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව අපේ ආර්ථිකය දිව්වේ. අද ඒ ඔක්කොම වැටිලා. සෑහෙන කාලයකට ගොඩ යන්න බැහැ. මේ රජය ළඟ මේ වට විසඳුම් නැහැ. සමහර විට ආරක්ෂා අංශයෙන් ප්‍රවීණයෝ වෙන්න පුඵවන්. නමුත් ආර්ථිකය හැදීමේ ප්‍රමුඛයෝ ආර්ථිකය ශක්තිමත් කිරීමේ කප් ගහලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් වැඩිකල් යන්න පෙර එනවාමයි. ඉතා කෙටි කාලයකින් ජනතාව අපි ළඟට ඇවිත් කියයි මේ යූ එම් පී යේ බලය තියාගන්න කියලා. නැත්නම් අපිට ජීවත් වෙන්න බැරිවනවා කියලා. ජනාධිපතිවරණයේදී කියපු දුන්න බෝහෝමයක් පොරොන්දු ඉටුකරන්න මේ රජයට බැරිවෙලා තියෙනවා ඉදිරියටත් එසේමයි.
පන්නල - හේමා රාජපක්ෂ