Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට අවධානම් තත්ත්වයක පවතින බවත් එම තත්ත්වය නිවැරදි කිරීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (25දා) මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මා මුදල් ඇමතිවරයා ලෙස පත්වන්නේ හතරවැනි අවස්ථාවට. ඒ හැම අවස්ථාවකම විවිධ අභියෝගවලට මුහුණ දුන්න බව අමුතුවෙන් කියන්න ඕන නෑ. මේ තීරණාත්මක අවස්ථාවක්.
2014දී සියයට 6.8ක ආර්ථික වර්ධනයක් තිබුණා. ආර්ථිකයේ වටිනාම ඩොලර් බිලියන 70ට වැඩි කළා. විදේශ සංචිත උපරිම මට්ටමකට අපි ගත්තා.
දුගී දුප්පත්කම අඩුවුණා. විදුලිය අඛණ්ඩව ලබා දුන්නා. බදුබර ජනතාවට ඉසලිය හැකි මට්ටමක තිබුණේ. ණය බර සියයට 71ට අඩු කළා.
ලෝකයේ දැවැන්තම ආර්ථික අර්බුදවලට අපි සාර්ථකව මුහුණ දුන්නා. තනි ඉලක්කම් පොලී අනුපාතය රටේ ස්ථාවර වී තිබුණා. වරාය විදුලි බලාගාර, ගුවන් තොටුපෙළ අධිවේගී මාර්ග ඇතුළු යටිතල පහසුකම් සිදුවුණා.
ආයෝජකයන් දැවැන්ත විශ්වාසයක් ගොඩනගා ගත්තා. රට වැඩ බිමක්ව තිබුණා. අද අපේ ආර්ථිකය තිබෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනත් තත්ත්වයක. අද ආර්ථිකය සෑම පැත්තකින්ම කඩා වැටිලා.
විදේශ සංචිත අඩුවෙලා. අද ආර්ථික වර්ධනය තිබෙන්නේ අවම මට්ටමක. ආයෝජකයන් මේ රටට එන්නේ නෑ. යම් වර්ධනයක් පෙන්නූ සංචාරක ක්ෂේත්‍රයත් පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටුණා. ණය බර සියයට සියක් බවට පත්වෙලා.
රුපියල පුදුමාකාර කඩාවැටීමකට ගොදුරු වෙලා. රුපියල 180ත් ඉක්මවා ගිහින්. රුපියලේ පිරිහීම නිසා ණය බර රුපියල් බිලියන 1760කින් වැඩි වෙලා.
පසුගිය ආණ්ඩුව මහ බැංකු බැඳුම්කර වංචාව වසන් කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මූළු රාජ්‍ය සේවයම අකාර්යක්ෂමවෙලා. දැන් ආර්ථිකය වැටිලා. ආර්ථිකය එක තැන හිර වෙලා.
අපි මේ ගැන කථා කළා හිටපු මුදල් ඇමතිවරයත් අගමැතිවරයත් එය පිළිගත්තේ නෑ. අවුරුදු පහකට පස්සේ ඒ රජයට පැහැදිලි පණිවිඩයක් අපේ ජනතාව ලබාදුන්නා.
මේක අභියෝගාත්මක කාර්යයක්. අද රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජනතාව බලාපොරොත්තු වෙනවා. ප්‍රතිපත්ති ඉතාමත් ඉක්මන්නින් ක්‍රියාත්මක කරනවා.
රටේ දුප්පත්ම ජන කොටස්වලට සහන ලැබේවි. ව්‍යාපාරිකයන් නැවත පණ ගැන්වේවි. ගෝඨාභය රජපක්ෂ මහතාගේ රජය දුන් පොරොන්දු කඩ කරන්නේ නෑ. අපි කියපු දේ කරනවා.
වෘත්තීය සැලැස්මක් හා ප්‍රතිපත්ති ප්‍රකාශයක් අනුව කටයුතු කරනවා. ඒ සඳහා දැනටමත් කටයුතු සකස් කර අවසන්. සහන ලබාදෙනවාත් සමගම ආර්ථිකයට නව ගැම්මක් ලබාදීමට කටයුතු කරනවා.”
popular news
Lion Monday, 25 November 2019 05:37 PM
තමුන් කරපු අපරාදවලට දඬුවම. .Plene එන්නේ නැති airport ,naw එන්නෙනැති වරායවල් හදල නම ගහගන්න . කෝ සල්ලි නය ගෙවන්න .තමුන් මෙරට චීනෙට වික්ක .තමුන්ට මේ කරපු මහා අපරාදයට සම්පුර්ණයෙන් වගකිව යුථුඉ .ලැජ්ජ නැතිව bilagahanawa .
Reply : 29 66
Champa Tuesday, 26 November 2019 09:33 PM
මැරිලා ඉපදුනාද මිනිහෝ ඔහොම කතා කරන්නේ? මාගම්පුර වරාය චීනෙට වික්කේ රනිල් මිසක් මහින්ද නෙමෙයි. අලුත් වරායක් හදල නම ගැහැව්වට මොකක්ද තියෙන වැරැද්ද? එහෙනම් JR කෝට්ටෙට ජයවර්ධන පුරය කියල නම දැම්මේ? ඇයි කෝට්ටේ නගරය ගොඩ නැඟුවේ JRද? ඉස්පිරිතාලෙකටත් ජයවර්ධන කියල නම දැම්මේ? කෙනඩිගේ නමට ගුවන් තොටුපොලකුත් ඇමරිකාවේ තියෙන්නේ? රනිල් මුකුත් හැදුවේ නැහැ විකුණුව විතරයි හින්ද නමක් දාගන්න බැරි වුනාට අනිත් මිනිස්සු මක් කරන්නද?
Reply : 124 77
hema Wednesday, 27 November 2019 01:56 PM
චම්පා, ඉතිහාසේ ඉගෙන ගත්තොත් හොදඊ. ශ්‍රී ජයවර්දනපුර කියල නම දැම්මේ J R නිසා නෙමෙඉ. අත්තීතයේ ඉදන් භාවිතා කරපු නිසා. තරහ ගන්නේ නැතුව පොඩ්ඩක් ඉතිහාසේ හදාරලා බලන්න. අනික මේ නය කන්දට වග කියන්න ඕන M R නැතුව වෙන කෞද?
1 31
Champa Wednesday, 27 November 2019 03:47 PM
ඉතිහාසය මම දන්නවා. සපුමල් කුමාරය කෝට්ටේ ඉඳන් සේනාව ඇරන් යාපනේට ගිහින් ආර්ය චක්රවර්තිව පැරද්දුව නිසා කෝට්ටේ නුවරට ශ්‍රී ජයවර්ධනපුර කියල නම තිබ්බ 16 වෙනි ශත වර්ෂය ඉවර වෙනකම් වගේ. හැබැයි JR ඒ නම දැම්මේ ඒ හින්ද නෙමෙයි. ඒකෙ ජයවර්ධන කොටස හින්ද. එහෙනම් අනිත් නගර වලටත් පුරාණ නම් දාන්න තිබ්බනේ. රාජධානිය කෝට්ටේ මිසක් ශ්‍රී ජයවර්ධනපුර නෙමෙයි.
2 59
hema Friday, 29 November 2019 09:47 AM
ඔයාගේ අදහස් දැක්වීමට සතුථුඉ. නමුත් ඔබ දන්නේ නැතුව ඇති J R කැමති වුනේ නැහැ ශ්‍රී ජයවර්දනපුර කියල නම දාන්න. ආනන්ද තිස්ස අල්විස් මහතාගේ බලවත් ඉල්ලීම නිසා අවසානයේ J R කැමැති වුණා පැරණි නම දාන්න.
1 2
amali Friday, 29 November 2019 02:15 PM
නිකම් අපහස කරපු වැරදි වස ගන්න එපා. JR තමන් කරු දේවලටවත් තමන්ගේ නම දාගත්තු නැති පැසුණු චින්තනයක් සහිත අයෙක්.
0 0
waruni Friday, 29 November 2019 02:26 PM
වැරදිලා රනිල් තමයි. ගුරු විද්‍යාල පීට, බියගම , කොග්ගල වෙළද කලාප ඇති කරේ නමුත් එයාගේ නම් දාගත්තේ නැහැ. රටට කිසි අදායමක් නැති අහිංසකයාගේ බදු මුදල් ක දමන දේවල් ජාතික සම්පත් ලෙස හදුන්වන්නේ මෝඩයෝ විතරයි. කිසිකෙනෙක් මිලදී ගැනීමට කැමති දෙයක් විකිණීම දක්ෂ කමක්. නිකම් ගොම් පාර්ට් අවශ්‍ය නැහැ.
0 0
Champa Friday, 29 November 2019 04:26 PM
hema - ස්තුතියි ඔබට. ඒ බවක් මම දන්නේ නැහැ. හැබැයි ඔය "බලවත් ඉල්ලීම නිසා කැමති වුනා" කියන එක දේශපාලකයෝ තමන්ගේ වාසිය වෙනුවෙන් එදත් අදත් පාවිච්චි කරන වචන සෙට් එකක්.
0 0
Champa Tuesday, 03 December 2019 12:59 AM
waruni - රටක සම්පත් කියන්නේ මොනවාද? මාගම්පුර වරාය කියන්නේ රටක් ගොඩ ගන්න පුළුවන් ව්‍යාපෘතියක්. ලෝකේ කිසිම රටක් වරායවල්, ගුවන් තොටුපොළවල් වෙන රට වලට විකුනන්නේ නැහැ. රටක සම්පත් විකුණන එක ඕනේ මිනිහෙකුට කරන්න පුළුවන්. ඒකට දක්ෂ කමක් ඕනේ නැහැ. රනිල් රටේ වරාය ගුවන්තොටුපොළවල් ඉඩකඩම් විදේශිකයන්ට වික්කේ ආණ්ඩුවට මුදල් හොයන විදිහ දන්නේ නැති නිසා. දක්ෂයෙක් නම් කරන්න ඕනේ රටට ආදායම් මාර්ග හදල දෙන එක මිසක් වටින සම්පත් විකුනන එක නෙමෙයි.
0 0
hema Tuesday, 03 December 2019 03:50 PM
චම්පා - ඔයාට වැරදීමක්, රනිල් රටේ කිසිම දෙයක් විකුණුවේ නැහැ, කරේ බදු දීමක් විතරඊ. ඔන්න M R නම් සමහර දේවල් සින්නක්කරේටම විකුන්න. අනික ඔයා වුනත් නය අරගෙන ගොඩනැගිල්ලක් හදල නය ගෙවන්න බැරිනම් පුළුවන් කෙනෙකුට බදු දෙනවා නේද. එකේ වැරද්දක් නැහැනේ.
0 1
David Abroo Monday, 25 November 2019 06:28 PM
දැන් ඉතින් පසුගය ආණ්ඩුව පිට පටවල, මිනිස්සු මෝඩයන්ට අන්දලා රටේ ඉතුරු සල්ලි ටිකටත් කෙල්ල දාපන් මාමේ, ඕකට නේ දැඟලුවේ, ලංකාවේ ඉන්නේ මෝඩ මීහරක් ටමුසෙලට චන්දෙ දුන්නේ
Reply : 2 30
Dunitha deepani colambage Tuesday, 26 November 2019 06:55 AM
Jathika geeya sinhalen pamanak wiya uthui. Siluuma jathikayan sinhala jathika geethaya gayeemata purudu wiya uthu bawa mage hangeemai.
Reply : 0 6
waruna Tuesday, 26 November 2019 03:16 PM
අගමැති තුමාට ආර්ථික දත්ත පැටලවිල වගේ. 2014 ආර්ථික වර්දනය 3.8% නය දල ජාතික නිෂ්පාදනයෙන් 83% රජයේ අදායමෙන් 100% එකමව තිබුන.
Reply : 2 22
hari Wednesday, 27 November 2019 11:23 AM
පඋල් පිටින් ගහපුවා ගෙනත් දන්න
Reply : 3 22
Kumar Thursday, 28 November 2019 10:39 PM
මම ඔය කතාව කිව්වේ මාස ගණනකට කලින්නෙ. විපක්ෂයේ ඉන්න අවස්ථාවේ ඒ වැනි දෙයක් පෙනුනේ නැද්ද. දැන් කරගන්න බරිවෙගනද එන මොහොතේද ආර්ථිකය මතක් වුනෙ. ඔයගොල්ලෝ බයලයේ ඉන්න කාලයේම ඔහොහොම තමා.
Reply : 1 15
වැඩ කරන රටක් Saturday, 30 November 2019 07:49 AM
ඇවිත් සතියයි කොරයි කියල අපි කට තියපු දේවල් මේ ගොන් වැස්සෝ සතියෙන් පටන් ගත්ත. රාජ්‍ය සේවය බිය වැද්දීම, සුදු වන (මේ සැරේ හරක් ටික ඉස්සල්ලම ඉස්සුවේ තානාපති නිලදරීනියක්. කොට්ටෝරුව කෙහෙල් ගහකට කොටලා වගේ . ) විද්‍යාත්මක ඇමති මණ්ඩලේ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd