ආණමඩුව ආඩිගම නගරයේදී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකදී බරපතළ තුවාල ලබා සිටි එක් අයකු ඊයේ ( 8 ) දින මරණයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පන්නල පදිංචි එක් දරු පියකු වු සුනෙත් පුංචිහේවා නැමති 33 හැවිරිදි කෝකියකු ලෙස සේවය කල අයකු බව කියයි.
මරණයට පත් අය සහ පහර කා රෝහල් ගතව සිටින පිරිස ආඩිගම නගරයේ 7 දින රාත්රියේ රැඳි සිට එහි පැමිණි පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අතර වචන හුවමාරුවක් සිදුව ඇති බවත් ඉන්පසුව පොලු මුගුරු වලින් අමානුෂික ආකාරයෙන් මරණයට පත්වු පිරිසට පහර දීම සිදුකර ඇති බව පැවසේ.
මෙම පහර දීමට මාසයකට පෙර ආඩිගම නගරයේදී කුඩා දරුවන් දෙදෙනෙකුට අමානුෂීක ආකාරයෙන් පහර දීම සිදුකල පුද්ගලයාද සිටින බව පැවසේ.
පහර කෑමට ලක්වි රෝහල් ගතවි සිටින සුපුන් හේමන්ත මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“ අපි කට්ටිය ආඩිගම නගරයේදී ඉද්දී එකපාරම මේ කට්ටිය ඇවිත් අපිත් එක්ක වචන හුවමාරුවක් වුණා . දෙපැත්තම බැණ ගත්තා පස්සේ පොලු අරන් ඇවිත් තිරිසන් විදිහට අපිට ගැහුවා .සුනෙත් අයියා බිම වැටිලා කෑගහද්දිත් එයාට පොලු වලින් තිරිසන් විදිහට ගැහුවා යැයි ඔහු පැවසිය.
පහර දිමට සම්බන්ධ එක් සැකකරුවකු ආණමඩුව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුනී.
පුත්තලම - හිරාන් ප්රියංකර