පසුගිය ජනාධිපතිවරණ සමයේ ගුවන්තොටුපළේ ලබා දුන් සියළු අවිධිමත් පත්වීම් වහා අත්හිටුවීමට කටයුතු කරන ලෙස ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබේ.
එම කාලයේදී ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ පත්වීම් 200ක් පමණ ලබාදී අණාවරණය වී ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.
පසුගය ජනපතිවරණ සමයේදී සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා කටයුතු කළ අතර ඔහු වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ වැඩිමහල් සහෝදරයෙක් වෙයි.