පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් හෙට (13) සිට සතියක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව හෙට සිට ලබන 19 වනදා දක්වා එම දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේය.
මීට අමතරව පොසොන් පොහොය යෙදී ඇති ලබන 16 වනදා දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබීමටද නියමිතයි.
පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට ලබන 18 වනදා දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය මඟින් ප්‍රකාශයට පත් කර කර තිබිම හේතුවයි.