උතුරු සහ උතුරු-මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (13) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තවද දකුණ, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තදවැසි ඇතිවිය හැකිය.
සෙසු ප්‍රදේශවල සවස 1.00න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තදවැසි ඇතිවිය හැකිය.
උතුරු සහ උතුරු-මැද පළාත්වල සුළගේවේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.