අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගි වූ බිබිල ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකදී ආගමික වතාවත් සිදු කිරීමට අවස්ථාවක් ලබා නොදුන් බවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හෙරත් මහතා කළ ප්‍රකාශය කරුණු නිවරදි ලෙස සොයා බැලීමකින් තොරව කළ ප්‍රකාශක් බවත් ඔහු වැනි දේශකයෙක් එය උචිත නොවන බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින පවසයි.
එම මාධ්‍ය නිවේදනය
"මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 7ක නව පහසුකම්වලින් යුත් ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමේ උත්සව මාලාවක අවසන් උත්සවය බිබිල දොඩම්ගොල්ල විද්‍යාලයේ පැවති අතර අනෙකුත් උත්සවවලින් පසු එම අවස්ථාවට අමාත්‍යවරයා පැමිණෙන විට සවස් වී තිබුණි. එම නිසා සිසුන් ඇතුළු සියලු දෙනාට තවදුරටත් ප්‍රමාද වීමක් ඇති නොවීමට සංවිධායකවරුන් ගත් තීරණය මත උත්සවය පැවැත්වුනා මිස එහි න්‍යාය පත්‍රයේ වෙනසක් කිරීමට අමාත්‍යවරයා කිසිදු අයුරකින් මැදිහත් වී නොමැත.
අත්තනායක මහතාගේ කතාවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ආගමික නැඹුරුතාවක් නොදක්වන බව ඒත්තු ගැන්වීමට කිසිදු පදනමකින් තොරව තවත් සාවද්‍ය ප්‍රකාශයක් සිදු කරයි. එයට ඔහු පසුබිම් කර ගන්නේ කොළඹ රාජකීය විද්‍යාලයයි. පාසලක ආගම සිහි කරන ආකාරය තීරණය කරන්නේ එහි පාසල් ප්‍රජාව විසින් ම බව අධ්‍යාපනයට සම්බන්ධ සියලුම දෙනා දන්නා සාමාන්‍ය කරුණකි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආගම සිහි කරන ආකාරය පිළිබඳ තීරණය කර ඇත්තේ එම විද්‍යාලය විසිනි. එම සම්ප්රදාය දීර්ඝ කාලයක සිට පැවත එන අතර එයට කිසිසේත්ම අධ්‍යාපන අමාත්‍යවරයාගේ සම්බන්ධතාවක් නොමැත.
දේශකයෙකු ලෙස කතන්දර වලට වඩා නිවැරදි තොරතුරු සමාජගත කිරීමේ වගකීම අත්තනායක මහතා සතුවන බැවින් කරුණු නිවැරදිව තහවුරු කර නොගෙන පුද්ගලයෙකුගේ ප්‍රතිරූපයට හානි කරන ප්‍රකාශ සිදු කිරීමෙන් වැලකී සිටීම උගත්කමටත්, වෘත්තීය ගරුත්වයටත් හේතුවන බව සිහි තබා ගැනීම වැදගත් වේ."