වැල්ලවත්ත- බම්බලපිටිය රථවාහන ගමනය සීමා
( ඉන්දික හේවාවිතාරණ ) 2014-11-02 13:13:48
Comments - 0       Views - 400

වැල්ලවත්ත, බොස්වෙල් පෙදෙස හංදියේ සහ කොලින්වුඩ් පාර හන්දිය අසල මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් හෙට (03දා) උදේ 7.00 සිට උදේ 9.00 දක්වා පැය දෙකක කාලය තුළදී වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා හංදියේ සිට බම්බලපිටිය කිංරෝස් පෙදෙස දක්වා කොළඹ දිශාවට පමණක් රථවාහන ධාවනය කිරීමට කටයුතු කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

සවස 4.30 සිට 6.30 දක්වා කාලය තුළදී බම්බලපිටිය කිංරොස් පාර හන්දියේ සිට වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා හංදිය දක්වා දෙහිවල දිශාවට පමණක් රථවාහන ධාවනය කිරීමට කටයුතු කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටියි.

හෙට (03දා) සිට ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

වැල්ලවත්ත- බම්බලපිටිය රථවාහන ගමනය සීමා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :