අලව්වේ බස් අනතුරෙන් අයෙක් මරුට - 30ක් රෝහලේ
( වරකාපොළ රංගන රුවන් ) 2018-06-13 20:04:10
Comments - 0       Views - 666

කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව කපුරුවල  ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් වේග සීමා ඉක්මවා ධාවනයේ යෙදීම හේතුවෙන්  බස් රථ දෙක එකිනෙක  ගැටී  අනතුරක් සිදුව තිබේ.

මෙහිදී බස් රථයක් මාඔයට පෙරළී  ඇති අතර අනෙක් බස් රථය මාර්ගයේ කොටසක නතර කරගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරයි. 

මෙම අනතුරෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර  තුවාලකරුවන් 30ක් පමණ මේ වන විට අලව්ව රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

accident

අලව්වේ බස් අනතුරෙන් අයෙක් මරුට - 30ක් රෝහලේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :