චෙස් ශූරතාවලියට ඉරානය හිස ආවරණය අනිවාර්ය කිරීම නිසා ඉන්දීය ශූරිය තරගාවලිය අත්හරී
( නරේන් විශ්වජිත් ) 2018-06-13 18:30:04
Comments - 0       Views - 352

ඉරානයේ පැවැත්වෙන ආසියානු කුලසාල චෙස් ශූරතාවලියේදී කාන්තාවන්ට හිස් ආවරණ අනිවාර්ය කිරීම නිසා එම තරගාවලියට සහභාගී නොවීමට ඉන්දීය ජාතික චෙස් ශූරියක වන සෞම්‍යා ස්වාමිනාදන් තීරණය කර තිබේ.

ජගත් චෙස් ශූරියක වන 29 හැවිරිදි සෞම්‍යා පවසන්නේ මෙම නීතිය තමන්ගේ පෞද්ගලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

"මේ තත්ත්වය තුළ මා කළ යුතු වන්නේ මගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් ඉරානයට නොගොස් සිටීමයි." යනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය පවසා තිබේ.

ආසියානු චෙස් ශූරතාව ලබන මාසයේදී ඉරානයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

විශේෂයෙන් නිල වශයෙන් සංවිධානය කෙරෙන මෙවැනි තරගාවලියකදී තරගකරුවන්ගේ පෞද්ගලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකු නොසිටීම බරපතළ තත්ත්වයක් බවද ඇය සඳහන් කර තිබේ.

ක්‍රීඩාව වෙනුවෙන් යම්කිසි වෙනස්කමක් හෝ යම් සීරුමාරුවක් කිරීමේ හැකියාවක් පැවතියත්, බලහත්කාරයෙන් ආගමික ඇඳුමක් ඇන්ඳවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඇය කියයි.

1_Chess

බොහෝ ඉන්දියානුවන් සෞම්‍යාගේ මෙම තීරණය අගය කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

චෙස් ශූරතාවලියට ඉරානය හිස ආවරණය අනිවාර්ය කිරීම නිසා ඉන්දීය ශූරිය තරගාවලිය අත්හරී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :