කේෂාප් හමුවේ කරුණු විකෘති කර පළවෙනවා - MR මාධ්‍ය ඒකකය
( රුවන් කාශ්‍යප ) 2018-06-13 17:20:14
Comments - 1       Views - 717

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා අතර පැවැති සාකච්ඡාවේ කරුණු විකෘති කර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කරමින් පවසයි.

එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ඒකකය කිසිඳු වගකීමක් නොදරන බවද අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ධුර කාලය නිමවා යළි ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිත ඇමෙරිකානු තානාපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව පසුගිය ඉරිදා පවත්වා තිබේ.

එම හමුවේදී සුහදව සාකච්ඡා කළ කරුණු විකෘති කර පළවෙන බවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

mahinda-rajapaksa

 

කේෂාප් හමුවේ කරුණු විකෘති කර පළවෙනවා - MR මාධ්‍ය ඒකකය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Champa on (2018-06-13 09:43:19)

People are closely watching you, Mr. former President. If your office made a statement soon after US Ambassador paid a farewell call, there wouldn't have any room for misconstruction of what transpired at the meeting. You didn't do it, may be you didn't want to give an undue recognition to the routine farewell call of the outgoing US Ambassador who "WAS VERY UNPOPULAR" in Sri Lanka among the majority population due to his constant breach of Vienna Convention by interfering in Sri Lanka's politics.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :