ඔස්ට්‍රේලියා දරුවන් 8000 ආයතන තුළ අපචාරයන්ට
( නරේන් විශ්වජිත් ) 2018-06-13 15:59:24
Comments - 0       Views - 282

ඔස්ට්‍රේලියාවේ දේවස්ථාන, පාසල් සහ ක්‍රීඩා සමාජ ආශ්‍රිතව සිදුව ඇති ළමා අපචාරවල ශීඝ්‍ර ඉහළ යෑමක් වාර්තා වන බව අනාවරණය වී තිබේ.

ඔස්ට්‍රේලයාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙම අපරාධවලට ගොදුරුවූවන් සම්බන්ධයෙන් සිදුකරන අධිකරණ ක්‍රියාවලියක් හරහා අගතියට පත් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටීමටද එරට රජය බලාපොරොත්තු වෙයි.

විශේෂයෙන්ම වසර පහක කාලයක් සිදුකෙරුණු මෙම පරීක්ෂණයේදී මෙවැනි ආයතන තුළ දරුවන් 8,000කට වැඩි පිරිසක් විවිධ අපචාරයන්ට ගොදුරුව ඇති බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති මැල්කම් ටර්න්බුල් පවසා සිටියේ දැනට අනාවරණය වී ඇති ආයතන 122න් 104ක් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, ඉතිරි ආයතන 18 සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නැති බවද අගමැතිවරයා කීය.

ඔස්ට්‍රේලියා දරුවන් 8000 ආයතන තුළ අපචාරයන්ට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :