සිංහරාජ අලි ඉවත්කළොත් ලෝක උරුම ලැයිස්තුවෙන් ගැලවෙයි
( නිදර්ශනී වික්‍රමසිංහ ) 2018-06-13 15:23:25
Comments - 0       Views - 911

සිංහරාජය නිජබිම කරගත් සිංහරාජයේ වෙසෙන අලි දෙදෙනා ඉන් ඉවත් කිරීමක් සිදු වුවහොත් ලෝක උරුමය ලයිස්තුවෙන් සිංහරාජය ඉවත් කිරීමට සිදුවන බවට යුනෙස්කෝ සංවිධානය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දි ඇතැයි 'සුරකිමු ශ්‍රී ලංකා' සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති.

උන්වහන්සේ පෙන්වා දුන්නේ අදාළ අලි දෙදෙනා සිංහරාජයෙන් ඉවත් කිරීම ලෝක උරුම රෙගුලාසිවලට පටහැණි වන බවට යුනෙස්කෝ සංවිධානය විසින් දක්වා ඇති බවයි.

කෙසේ වුවද අලි දෙදෙවා සිංහරාජයෙන් ඉවත් කිරීම සඳහා මේ වන විට නිලධාරීන් පිටත් කර යවා ඇති බවට වාර්තා වන අතර මෙම කරුණු සම්බන්ධයෙන් විමසීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කර ගැනීමට &අද* උත්සාහ දරුවද එය ව්‍යර්ථ විය.

IMG_2624 IMG_2625

සිංහරාජ අලි ඉවත්කළොත් ලෝක උරුම ලැයිස්තුවෙන් ගැලවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :