මත්පැනට යන වියදමින් පොදු සේවා කළ මනාල යුවළ
( . . ) 2018-06-13 10:28:31
Comments - 3       Views - 1907

සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන් ඇතුළු අමතර කටයුතුවලට යන මුදල්වලින් තම ගමට සහ ඉගෙන ගත් පාසලට පොදු සේවාවන් රැසක් ඉටුකර, විවාහ උත්සව දිනයේදීම ඒවා විවෘත කර ජනතා අයිතියට පැවරූ අපූරු මංගල්‍යයක් ඊයේ (12දා) අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශයේ දක්නට ලැබිණි.

අහුන්ගල්ල, කටුවිල පදිංචි මංජුල ප‍්‍රදීප් පිටියගේ සහ මහේන්ද්‍රා මාධවී යන නව යුවළ සිය නිවසට පැමිණෙන විට සංඝරත්නයේ ආශීර්වාද මැද දෙපාර්ශ්වයේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් මෙම සත්කාර්යයන් විවෘත කෙරිණි. අහුන්ගල්ල කටුවිල කනිටු විදුහලට අඩුපාඩුවක්ව පැවැති ක‍්‍රීඩාපිටියක් සකස් කිරීම, ඒ සඳහා ක‍්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීම, කටුවිල ජනතාව වෙනුවෙන් බස් මගී ආවරණයක් ඉදි කිරීම මේ යටතේ සිදුකර තිබිණි.

qee q1 q aw

 

(අහුන්ගල්ල - තමිදු මධුසර ලියනගේ)

 

මත්පැනට යන වියදමින් පොදු සේවා කළ මනාල යුවළ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (3)
Posted by Ushani on (2018-06-12 23:53:56)

අගය කල යුතු වැඩක්. උපන් දින සහ වෙනත් සාද වලට, මිලියන ගණන් වියදම් කරන අයට මෙම නව යුවල හොඳ ආදර්ශයක් වේවා කියා පතමි.

Posted by manuka on (2018-06-13 06:03:07)

karapu wede aniwaryenma agayanna onemai.suba pethum

Posted by Champa on (2018-06-13 06:31:47)

Well done. You have given an excellent example to the society. I wish you all the best for a happy new life.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :