පැණි බීම නොවේ බීමට ගන්නා ජලයයි මේ
( සමන් විජය බණ්ඩාර ) 2018-06-11 14:59:15
Comments - 0       Views - 1592

මෙ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය යටතේ බීමට නොසුදුසු තත්ත්වයේ පවතින අධික මඩ සහිත ජලය හෙම්මාතගම ප්‍රදේශයේ ජල නළ මාර්ග මගින් ලබාදෙන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම ජලය හේතුවෙන් වසංගත රෝග පවා ඇති විය හැකි බවට ඔවුහු මැසිවිලි නගති.

මැඳිලිය ඇටම්පාවල ප්‍රදේශයේ ඇති ජල පවිත්‍රාගාරය හරහා නිරතුරුව බොර වතුර ගලා එන බවත්, අසුපිනි ඇල්ල ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇති මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් එම බොර වතුර එලෙසම ඛෙදා හැරීම හේතුකොටගෙන ජල පාරිභෝගිකයන්ට අසීරු තත්ත්වයකට මුහුණපෑමට සිදුවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

mada-jalaya-nalamargawala-(1) mada-jalaya-nalamargawala-(3) mada-jalaya-nalamargawala-(5)

 

 

පැණි බීම නොවේ බීමට ගන්නා ජලයයි මේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :