හම්බන්තොට සහ කොළඹ වරාය ව්‍යාපෘති ආර්ථිකයේ එන්ජිමයි - චීන තානාපති
( ෂමිල පෙරේරා ) 2018-05-15 07:30:29
Comments - 0       Views - 1040

හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘති දෙකම ක්‍රියාත්මක වනවිට ඒවා ශ්‍රී ලංකා ආර්ථික වර්ධනයේ එන්ජිම බවට පත්වනු ඇති බව චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් මහතා පවසයි.

චීන තානාපතිවරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමේදීය.

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය ආශ්‍රිතව උසස් තත්ත්වයේ නිෂ්පාදන සිදුකරන කර්මාන්ත ශාලා සඳහා ආයෝජකයන් දිරිගන්වන බවද මෙහිදී තානාපතිවරයා පවසා ඇත.

හම්බන්තොට සහ කොළඹ වරාය ව්‍යාපෘති ආර්ථිකයේ එන්ජිමයි - චීන තානාපති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :