බෙලිඅත්ත, විල්අද්දර ඓතිහාසික පුරාණ විහාරස්ථානයේ පිළිම වහන්සේලා හා බ්තුසිතුවම් විනාශ වීමේ අවදානමක
( . . ) 2018-05-14 09:36:19
Comments - 0       Views - 98

බෙලිඅත්ත, විල්අද්දර ඓතිහාසික පුරාණ විහාරස්ථානයේ පිළිම වහන්සේලා  හා බිතුසිතුවම් මේ වන විට විනාශ වීමේ අවදානමකට ලක්ව තිබේ.
 1881 වසරේදී ඉදිකළ  බවට සැලකෙන මෙහි ඇති බුද්ධ ප්‍රතිමා, බිතු සිතුවම් දැඩි සේ අබලන් තත්ත්වයට පත්වීම පිළිබඳව කිහිපවරක් පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුව දැනුවත්  කිරීමෙන් අනතුරුව මෑතකදී විහාරස්ථානයට පැමිණි හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා නිලධාරිවරයෙකු තොරතුරු සටහන් කර ගෙන ගියද ඒ සඳහා කිසිදු පිළිතුරක් මෙතෙක් නොලැබුණු බව  විහාරාධිපති තාරපේරියේ ඤාණරතන හිමියෝ පවසති.
උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර විහාරස්ථානයේ ඇති ඓතිහාසික බුද්ධ ප්‍රතිමා හා බිතුසිතුවම් විනාශ වීමට යෑමට ඉඩ නොදී වහා පිළිසකර කිරීමට පියවර ගන්නා මෙන් උන්වහන්සේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 

වලස්මුල්ල - තිලක් මනම්පේරි 

20180417_074928 20180417_075315 20180417_075907

බෙලිඅත්ත, විල්අද්දර ඓතිහාසික පුරාණ විහාරස්ථානයේ පිළිම වහන්සේලා හා බ්තුසිතුවම් විනාශ වීමේ අවදානමක සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :