මම ජනපති අපෙක්ෂකයාදැයි කියා මහින්ද රාජපක්ෂ තීරණය කරාවි
( . . ) 2018-05-13 08:39:23
Comments - 2       Views - 1122

අනාගත ජනාධිපති අපේක්‍ෂකයා තමා වනවාද යන්න මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායම විසින් තීරණය කළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ගොඩකවෙලද ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එසේම තමන් ජනපතිවරණයට ඉල්ලනවාද නැත්ද යන්න පිළිබඳව තවම තීරණයක් ගෙන නොමැති බවත් ඔහු පැවැසීය.

“අපේ පවුල හරිම සමගියෙන් ජීවත්වන පවුලක්. මම දේශපාලන වශයෙන් ඉදිරියට එනවාට පවුලේ කිසිම කෙනෙක් විරුද්ධ නෑ. රාජපක්‍ෂ පවුල අදර්ශවත් පවුලක්.

ව්‍යවස්ථා සංශෝධනය ගැන මට හිතෙන්නේ විධයක ජනාධිපති ධුරය තිබීම හොඳයි කියලා. අපි යුද්ධය දිනුවේ විධායක ජනාධිපති ක‍්‍රමය තිබුණ නිසා. පාර්ලිමේන්තුවට විධායක බලය තිබුණා නම් මෙවැනි ජයග‍්‍රහණයක් ලබන්න බැරි වෙනන ඉඩ තිබුණා. විධායක ජනාධිපති ද අගමැති ද කියන එක නෙවෙයි වඩාත් වැදගත් වෙන්නේ ඒ තනතුර දරණ පුද්ගලයායි.’’

gotabaya-rajapaksa

අජිතලාල් ශාන්ත උදය/කොලොන්න නානායක්කාර

මම ජනපති අපෙක්ෂකයාදැයි කියා මහින්ද රාජපක්ෂ තීරණය කරාවි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by sg on (2018-05-12 22:30:41)

I think in this momentum time he is the best person for next presidential election. Also. he should follow some kind of policies in this regard. Mainly he should allow to all sri lankan as citizens in this country with emphasis sinhala mejority as well as buddhist . Other religions and ethnic people should have give their freedom and rights. and he must keep away his relatives and family relations from his governing art of state from his policy framework then, he may be the best ruler for this country.

Posted by priyantha on (2018-05-13 12:40:07)

ඇත්තම තමා විදායකය දෙමාපියන්ගෙන් ලැබුන බූදලයක් කියල හිතාගෙන මහජනතාවගෙ මුදල් කාබාසිනියා කරපු අයත් ජනාධිපති වෙලා හිටියනෙ.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :