මුලින් එක් අධිකරණයක් පසුව අධිකරණ දෙකක්
( එච්.අයි.තුෂාර ) 2018-05-08 16:18:50
Comments - 2       Views - 692

විශේෂ අධිකරණ පිහිටුවීම හරහා පසුගිය කාලයේ සිදු වූ දේශපාලන ඝාතන හා මහාපරිමාණ මූල්‍ය වංචාකරුවන්ට ක්‍රියාමාර්ග ගන්නා බවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව ඉටුවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

දුන්න පොරොන්දුව ඉටු නොකළ බවට පසුගිය කාලයේ විශාල විවේචනයක් තිබූ බවත්,  සමහර පිරිස් විපක්ෂය සමග එකතු වී මෙය යට ගැසූ බවටත් චෝදනාවක් තිබූ බවද පවසා සිටියේය.

අද (08දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ විශේෂ අධිකරණ පනත හරහා විශේෂ අධිකරණ තුනක් පිහිටුවීමට හැකියාව තිබෙන බවය.

විශේෂ අධිකරණයේදී යම් නඩුවක් විභාග කිරීම ආරම්භ වූ පසු එක දිගට අදාළ කටයුතු සිදුවන බවත්, නීතිඥවරුන්ට අවශ්‍ය ලෙස කල්ගැනීම සිදුකළ නොහැකි බවද පවසා සිටියේය.

මුලින්ම එක් අධිකරණයක් පිහිටුවන බවත්, ඉන්පසුව ඉතිරි අධිකරණ දෙක පිහිටුවා නඩු ඇසීම සිදුවන බවද කියා සිටියේය. විශේෂ අධිකරණ පනත තුනෙන් දෙකේ ඡන්දයකින් සම්මත කර ගත යුතුව තිබෙන බවද සඳහන් කළේය.

මෙම අධිකරණය හරහා පසුගිය කාලයේ හා වර්තමානයේ වැරදිකරුවන්ට එරෙහිවත් අධිකරණ ක්‍රියාමාර්ග සිදුවන බවද කියා සිටියේය.

image_1499364644-47f149b71f

 

මුලින් එක් අධිකරණයක් පසුව අධිකරණ දෙකක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by lion on (2018-05-08 18:33:49)

don't keep on talking establish these courts as fast as you can according to the law. You all are already late. get on with your act. robber baron will raise his head if you are late and then remember you will never be able to stop him.

Posted by සෙනෙවි on (2018-05-08 06:15:07)

මොහුට විරුද්ධව FCID එකේ තිබුණ පරීක්ෂණයක් යට ගැහුව නේද ?ඒකත් නැවත මතු කරල ඔය උසාවියට දැම්මොත් නරකද

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :