කිම් සමග සාකච්ඡාවට දිනය හා ස්ථානය හරි - ට්‍රම්ප් කියයි
( නරේන් විශ්වජිත් ) 2018-05-06 16:20:51
Comments - 0       Views - 906

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සමග සාකච්ඡා කිරීමට තමන් දිනයක් හා ස්ථානයක් තීරණය කර ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර පැවැත්වීමට නියමිත ඓතිහාසික සාකච්ඡාව සම්බන්ධයෙන් හෙතෙම මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.

අපට දැන් දිනයක් තියෙනවා. ඒ වගේම අපට (සාකච්ඡාවට) ස්ථානයකුත් තියෙනවා. අපි ඉතාම ඉක්මණින් එය ඔබට දැනුම් දෙන්නම් යැයි ධවල මන්දිරයට පැමිණ සිටි ඇමෙරිකානු මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් කියා සිටියේය.

එමෙන්ම, මෙම සාකච්ඡාවේදී බොහෝ හොඳ දේ ඉදිරිපත් වනු ඇති බවද ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු කොරියානු නායකයා සමග සාකච්ඡාවට පෙර එලැඹෙන මැයි 22 වැනිදා ධවල මන්දිරයට පැමිණෙන දකුණු කොරියානු නායක මූන් ජේ-ඉන් සමගද ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ සාකච්ඡාවක නිරත වනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

කොරියානු අර්ධද්වීපයේ පසුගිය කාලය පුරාවට පැවති නොඉවසිලිවත් තත්ත්වය පහව යමින් මේ වනවිට ඇතිවී තිබෙන සාමකාමී වටපිටාවේ තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස ඇමෙරිකානු ජනපති සහ උතුරු කොරියානු නායකයා අතර හමුව ඉතිහාසගත වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

1_Trump

කිම් සමග සාකච්ඡාවට දිනය හා ස්ථානය හරි - ට්‍රම්ප් කියයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :