X
වැලිගම දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට
( මහේෂ් මලවරආරච්චි ) 2018-04-16 18:00:31
Comments - 0       Views - 1280

මාතර, වැලිගම, මුදුගමුව ප්‍රදේශයේ අද (16දා) අලුයම දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ තුෂාර ගමගේ නමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

අද අලුයම ස්ථාන දෙකකදී මෙම ගැටුම ඇති වී ඇති බවත්, ඔවුන් මත්පැන් පානය කර සිට ඇති බවත් පොලීසිය සැක කරයි.

තියුණු ආයුධයකින් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් සිහිසුන්ව ඇද වැටී ඇති ඔහු වැලිගම වලාන දිසා රෝහල වෙත රැගෙන යනවිටත් මියගොස් සිටි බවත්, සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවද පොලීසිය පැවසීය.

DSC_0080 DSC_0085 DSC_0167

වැලිගම දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :