X
අදත් සවස වැසි ඇතිවිය හැකියි
( . . ) 2018-04-16 13:56:37
Comments - 0       Views - 304

geico-more-Thunderstorms-post-2016

දිවයිනේ බොහෝ පළාත්වල (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව දකුණ මධ්‍යම වයඹ සහ සහ ඌව පළාත් වල)  අද (16දා) සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

සමහර ස්ථානවලට (විශේෂයෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල) මි.මී 75ට වැඩි  තද වැසි බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසා සිටියි.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර එහි වේගය පැ.කි.මී 20-30ක් පමණ වන බවද පවසා සිටියි.

  ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළි ඇතිවිය හැකි බැවින් අකුණු මහින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි

අදත් සවස වැසි ඇතිවිය හැකියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :