X
ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීමට විශේෂ දුම්රිය සහ බස් රථ
( . . ) 2018-04-16 10:36:06
Comments - 0       Views - 222

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය අයට නැවත රැකියා කරන ප්‍රදේශ වෙත පැමිණීම සඳහා අද (16දා) දිනයේද විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

ඒ අනුව අද (16දා) දින ධාවනය සඳහා බස් රථ 5,400ක් පමණ යොදවා ඇති බවත්, ප්‍රධාන ප්‍රාදේශිය කළමනාකරුවන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු වන බවත් ඔහු  සඳහන් කරයි.

සාමාන්‍ය මාර්ගවල ධාවනයට යොදවා තිබෙන බස් රථවලට අමතරව අධිවේගී මාර්ගවල ධාවනයටද  ලංගම බස් රථ 122ක් යොදවා ඇති බවත්, මෙම විශේෂ සේවා ලබන 25 වැනිදා දක්වා සිදු කරන බවත්  ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. 

මේ අතර මගී අවශ්‍යතාව පරිදි හැකි පමණ බස්රථ ප‍්‍රමාණයක් ධාවනයට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහෙත් පෞද්ගලික බස් සේවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අදත් නොහැකි වනු ඇතැයිද පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ගම්බිම් බලා ගිය අයට ආපසු රැකියා කරන ප්‍රදේශ වෙත පැමිණීමට විශේෂ දුම්රිය සේවාද අද දිනයේද ක්‍රියාත්මක වන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා කියා සිටියේය.

ඒ අනුව අද (16දා) පෙරවරු 8.07ට බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය වෙන අතර, පස්වරු 4.46ට පමණ එය කොළඹ කොටුවට ළඟා වීමට නියමිතය. ඊට අමතරව මාතරින් රාත්‍රී 7.00ට දුම්රියක් ධාවනය වන අතර එය රාත්‍රී 10.50ට පමණ මරදානට ළඟා වෙනු ඇත. පස්වරු 6.50ට කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රියක් ගාල්ල බලා ධාවනය වන අතර, එය රාත්‍රි 9.12ට පමණ ගාල්ලට ළඟා නීමයට නියමිතය. එමෙන්ම හෙට (17දා) ගාල්ලෙන් පෙරවරු  7.05ට දුම්රියක් ධාවනය වන අතර, එය පෙරවරු 9.22ට මරදානට ළඟා වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

z_p01-SLTB

 

ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීමට විශේෂ දුම්රිය සහ බස් රථ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :