හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී
( . . ) 2018-04-16 08:59:49
Comments - 0 Views - 252
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරනු ලබන හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය කථා නායක කරූ ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී අද දින (16) වන අද දින පෙරවරු 10.16 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත්ද තබා තෙල් සහ දිවුල් පත් මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම සුදුසු බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.
එමෙන්ම දිවයින පුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කිරීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.