X
අවුරුදු කන්න කලින් මේවා ගැනත් හිතන්න
( . . ) 2018-04-10 09:55:26
Comments - 0       Views - 226

අවුරුදු කාලෙට හැම කෙනෙකුටම මතක් වෙන්නෙ කැවුම් කොකිස් රස කැවිලි වගේම හත්මාළුව, වම්බටු මෝජුව වගේ අතීතයේ සිටන්ම අවුරුදු කෑම මේසය සරු කළ ආහාර පාන කිවුවොත් වැරදි නැහැ. ඒ කාලේ අවුරුදු කෑම මේසයට කොයිතරම් පැණි රස කෑම ආවත් කාටවත් ලෙඩ දුක් ගැන බයවෙන්න දෙයක් තිබුණෙ නැති බව තමයි වැඩිහිටියො පවසන්නෙ. ඒ කාලෙ අවුරුද්දට කැවුම් හැදුවෙ ගෙදර කොටාගත් පිටිවලින්. දර කඩන්න ,මිරිස් ගලේ, කුරහන් ගලේ අඹරන්න, ගෙවල් වල, ලිපේ ගොම මැටි ගාන්න මෙකී නොකී වැඩ ගොඩක ගෙදර ගෘහනිය රැඳෙද්දි ගෙදර ගෘහමූලිකයාත් ගෙයට හුණු පිරියම් කිරීම සිට බරපතළ වෙහෙසකාරී වැඩවල සිර වෙන කාලයක් විදිහටයි සිංහල අවුරුද්ද හැඳින්වූයේ. ඒ අය කොතරම් වෙහෙස වුවත් කොයිතරම් රස කැවිලි වර්ග අනුභව කළත් අද වගේ රෝගී වුණේ නැත්තෙ ඇයි..? සැබවින්ම ඔවුන් අනුගමනය කළ සිංහල ආහාර සිරිත්විරිත් නිසා කිවුවොත් එහි වරදක් නැහැ.සිංහල වෙදකමෙන් හෘද රෝග, මෙන්ම බයිපාස් රෝගීන් පවා සුවකරන, දියවැඩියාව පිළිකා රෝග, ආතරයිටිස් ,ගැස්ට්‍රයිටිස් ආදී රෝග නිට්ටාවටම සුව කරන හෝමගම සිද්ධාදී වෙද මැදුරේ චාන්දනී වික්‍රමාරච්චි වෙද හාමිනේ  රෝගී නොවී අවුරුදු කෑම රසවිඳින්නෙ කොහොමද කියූ හැටියි මේ.


Traditional-Avurudu-Table-1333428541

සූර්ය මංගල්‍යය නැතිනම් සිංහල අවුරුද්ද කියන්නේ අපේ රටේ වසන්ත කාලය එළැඹීම කිවහොත් එහි වරදක් නැහැ. ගහකොළවල මල් පිපී, පලබර වී සෑම නිවෙසකම පාහේ නව කළඑළියක් දැකිය හැකි මේ කාලයේ අස්වනු නෙලා ඒ අස්වැන්නෙන් දානමය කටයුතු නිමවා අලුත් සහලෙන් අවුරුදු මංගල්‍යය පැවැත්වීම පැරැන්නන්ගේ සිත් සතුටු කළ කාරණයක්. මේ නිසා නව අවුරුදු මංගල්‍යය කියා මේ අවුරුදු උත්සවය හැඳින්වීමත් ඔවුන් විසින් කළ දෙයක්. 

එකල කොතරම් ආහාර පාන සකස් කළත් ඒවා නිසා කිසිවෙකු රෝගී වූ බවක් දැනගන්නට නැහැ. නමුත් අද සිංහල අවුරුදු  කෑමබීම කරලියට එන්නටත් කළින් ඒවා ගැන යම් යම් අනතුරු ඇඟවීම් කරන්න සිදුවෙනවා. ඒ ඇයි? 

එකල බොහෝ කැවිලි සෑදුනේ නිවසේම සිඳගත් පොල් තෙලින්. ඒ නිසා ඒවාට කිසිවක් මිශ්‍රකර නැතිබව අප දැන සිටියා. එමෙන්ම එම කැවිලි බොහෝ කාලයක් දුමේ තබා ගනිමින් පරිභෝජනය කළත් කිසිවිටක මුඩු බවක් හෝ පුස් ඇති වුණේ නැහැ. සාදාගත් කැවිලි ගබඩා කර තිබුණේ පොල් කොළයෙන් වියූ පෙට්ටිවල හෝ මැටියෙන් තැනූ මුට්ටිවල. මේ නිසා ප්ලාස්ටික්වල අන්තර්ගත විෂ ඒවාට උරාගත්තේත් නැහැ. ඇතැම් ගෙවල්වල පිඟන් මැටිටෙන් තැනූ බූලි මේ සඳහා භාවිත කළා. මේවාට කෘත්‍රිම වර්ණකාරක හෝ රසකාරක අන්තර්ගතව තිබුණේත් නැහැ. ඒවාට යෙදූ රසකාරක වුණේ ස්වාභාවික දුරු වර්ග. යොදාගත් පැණි පවා ස්වාභාවිකව සාදාගත් ඒවා. ඒ පැණිවර්ග වෙනුවට ඔවුන් සුද්ද කළ සීනි යෙදුවේ නැහැ. සීනි සුද්ද කරන්නට යෙදූ රසායනිකයන් ඒ පැණිවල අන්තර්ගත වුණෙත් නැහැ. හකුරු යොදාගත් නමුත් ඒවා කිසිම කල්තබාගැනීමේ හෝ කෘත්‍රිමව යෙදූ දෙයින් සකස් වුණේ නැහැ.

 ඒ කාලේ අද වගේ පාන් පිටි වර්ග මේ කැවිලිවලට යෙදුවේ නැහැ. තනිකරම මේ කැවිලි සකස් කළේ ධාන්‍යවර්ගවල පිටිවලින් සහ පොඟවාගත් සහල් පිටි මුසුකරමින්. ඒ නිසා ඒ හැම කැවිලි වර්ගයකම නැවුම් බවක්, රසක් තිබුණා. නමුත් අද මේ කැවිලි සකස් කෙරෙන්නේ සුද්දකළ පිටිවර්ග වලින්, සුද්ද කළ සීනි රසකාරක කවලම් කරන ලද වෙනත් තෙල් සහිත පොල් තෙල් වලින්. ඉතිං මේ කැවිලි වර්ග අනුභව කළාම අනපේක්ෂිත ලෙස රුධිරයේ සංයුතිය වෙනස් වෙන්න පුලුවන්. කොලෙස්ටරෝල ඇතිකරන්නට සමත් මේදය ශරීර ගතවෙන්නට පුළුවන්. දියවැඩියාව ඇතිකරන්නට සමත් අධික පැණිරසත් මීට එකතු වෙන්න පුළුවන්. ආහාර වර්ණක සහ රසකාරක ලුණු ආදිය එක්වූ විට කැවිලි ලෙස සිතමින් අප ආහාරයට එක්කරගෙන ඇත්තේ රෝගවලට ලංවෙන මග වෙන්න පුළුවන්. එදා මේ කැවිලි වර්ග පරිභෝජනය කළ අය රෝගී නොවෙන්නටත්. අද අය රෝගී වෙන්නටත් හේතුව මෙයයි. ඉස්සර හැදුණු කිරිබතට රතු සහල් භාවිත කළා. එමෙන්ම පොල් කිරි යෙදුවේ පමණටයි. ඒවාට ලුණු යෙදුවේත් පමණටයි. නමුත් දැන් දැන් කිරිබතටත් වර්ණකාරක යෙදීම මෝස්තරයක් බවට පත්ව ඇති අවස්ථා දකින්නට පුලුවන්. කොකිස් සාදන විට පැරණි අය ඊට සුදු ලූණු ස්වල්පයක් අඹරා එක්කරන ලද්දේ රසයට පමණක්ම නොවේ. කොකිස්වලට වැඩි තෙල් ප්‍රමාණයක් උරාගන්නා නිසා එය ආහාරයට ගැනීමෙන් දිරවීමේ පහසුව ඇතිකරන්නටයි. මුට්ටියක බහා කට බැඳ දුම් මැස්සේ තැබූ කොකිස්වලින් දුමේ රස්නයට තවදුරටත් තෙල් ඉවත්වී යන බව ඔවුන් දැන සිටියා. 20180408_105641

මීලඟට අපි ඔවුන්ගේ සුවිශේෂිත අවුරුදු කෑම මේසයේ තිබුණු අනෙකුත් ආහාර ගැන විමසා බලමු. ඒ ආහාර අතර හත්මාලුවට ලැබුණේ සුවිශේෂී ස්ථානයක්. හත්මාලුව වශයෙන් හැඳින්වෙනුයේ වර්ග හතක් යෙදූ එක් වෑංජනයක් බව ඔබ දන්නවා. මේ ආහාරයට යොදන දුරු මිරිස් ආදියෙනුත් මතුවන්නේ ආහාර දිරවීම පහසුකරන වාතාවරණයක්. රසය සමග ගුණය එහි සුවිශේෂ බව කියාපානවා මේ ආකාරයෙන් සිංහල ආහාරවේලක තිබුණේ දිරවාගන්න අපහසු දේවල් නෙවෙයි. කොලෙස්ටරෝල වැඩි විය හැකි ආහාර පාන අනුභව කළත් අද සමාජයේ ඉන්නා පුද්ගලයින් ඉක්මවා යන නිරෝගී බවක් දැරුවේ ඔවුන් කය වෙහෙසවා වැඩ කරන්න හපනුන් වීම නිසයි. ගෙදර ගෘහනිය සියලුම ආහාර සඳහා අවශ්‍ය කරන දුරු මිරිස් සැකසුවේ මිරිස් ගලේ වංගෙඩියේ. දර ටික පලාගෙන ඒවා පිසුවේ දර ලිපේ. බැදුමක් සකස් කරනවා නම් බැදගත් දෑ තෙල් ඉවත්කරන්න පහසුවන ආකාරයෙන් දුමේ තබා හෝ නැතිනම් මිරිකා ඉවත්කර අවශ්‍ය පදම සකසා ගන්නවා. මේ වගේම ළමා ලපටින් පවා වැඩිපුර සීනි ආහාර වෙනුවට ස්වාභාවික පලතුරු ආහාරයට ගන්නා නිසා ඔවුන්ටත් මධුමේහය වැනි රෝග ඇතිවුණේ නැහැ. නමුත් දැන් දැන් කුඩා දරුවනුත් මධුමේහය නැතිනම් දියවැඩියාව යන තත්ත්වයට ගොදුරුවන බව දන්නවා. කෙසෙල් පැපොල් හා අඹ යන පලතුරු ඔවුන් ආහාරයට ගන්නේ කිසිම වස විසක් නැතිව ඉදවා ගැනීමෙන්. එකල කුඩා දරුවන් සම්බන්ධයෙන් මවුවරුන්ට පැවතියේ පණු අමාරු යන ගැටලුව පමණයි. එයටත් ඔවුන් අවුරුදු කාලයේදී එරබදු දළු වැනි දෑ සකස් කර දී ඒ ප්‍රශ්නයත් ජයගන්නවා. ගොටු දඬු, වළඟසාල් ආදිය එක්කොට සකස්කරගන්නා පාන වර්ග ලබාදීමෙන් ඔවුන් දරුවන්ගේ පණු රෝග මකා ගන්නවා විනා බෙහෙත් පෙති යොදා ප්‍රතිකාර කිරීම පැණිවර්ග යොදා පණුවන් පාලනය කිරීම පුරුද්දක් කරගෙන සිටියේ නැහැ. 

නමුත් මෙකල අපට පරිභෝජනය කරන්න වෙන්නේ අතීතයේ අප භාවිත කළ ද්‍රව්‍ය නෙවෙයි. අප ඉහත දී පෙන්වා දුන්නේ එකල අප රෝගී නොවන්නට බලපෑ තත්ත්වයන්. නමුත් අද අපට සිදුව ඇත්තේ අප රෝගීවන්නට බලපානා වූ ද්‍රව්‍යයන් සමගම ගනුදෙනු කරන්නට සිදුවීමයි. අවුරුද්දක් උදාවෙන්නේ වසරකට එක්වතාවයි. ඒ නිසා ඔබ අවුරුදු කෑම මේසය මග හරින්නට නම් එතරම් කැමති නොවන බව අප දන්නවා. රෝගී නොවන ලෙස පරිස්සමෙන් අවුරුදු කෑම මේසය  හා එක්ව අවුරුදු කෑම රසවිඳින්නට මගක් ඇත්නම් එයට ඔබ බොහෝමත්ම කැමති වෙනු ඇති. ඔබ අධිරුධිර පීඩනයෙන් පෙළෙන අයෙකු නම් ලුණු සහිත ආහාර තරමක් පාලනය කරන අතරතුර වැල්දොඩම් කොළ හා වැල් දොඩම් පාන ඔබේ ආහාර වලට එක්කර ගන්න. එවිට අධිකව ඔබේ රුධිර පීඩනය ඉහළ යාම මදක් පාලනය වේවි. නමුත් ඒ සමගම ඔබ දැනටමත් අධිරුධිර පීඩනය සඳහා නොකඩවා ප්‍රතිකාර ලබන්නෙක් නම් ඒ ප්‍රතිකාර නවතා ආහාර වෙත යොමුවන්නට එපා. සිද්ධාදී වෙද මැදුරේ ඔබේ අධිරුධිර පීඩනය සමථයකට පත්කළ හැකි ක්‍රම බොහෝ පවතින බැවින් ඔබට ඒවායින් සහනයක් ලබන්නට පුළුවන්.

ඔබ දැනටමත් කොලෙස්ටරෝල සඳහා ප්‍රතිකාර ලබමින් පසුවෙන්නෙක් නම් තව දුරටත් ඔබේ සිරුරට අධික ලෙස තෙල් එක්වීම වළක්වා ගන්නට මේ ප්‍රතිකාරය කළ හැකියි. එයින් ප්‍රතිඵල බොහෝ නමුත් ඔබට සකස් කර ගැනීමේ අපහසුව හෝ වැඩි මුදලක් වැයවෙන්නේ නැති බව මතක තබා ගන්න. අවහිර වූ රුධිර නාල මෙයින් සම්පූර්ණයෙන්ම සුව වනවා යැයි අප කියන්නේ නැහැ. නමුත් ඔබේ අවුරුදු කෑම වේලෙන් අනවශ්‍ය ලෙස ඔබේ කොලෙස්ටරෝල ඉහළ යෑම නවතන බව නම් ස්ථිර ලෙස කිව හැකියි. කොලෙස්ටරෝල ඇති ඔබට අවුරුදු කන්නට උදව් දෙන ඖෂධ සංයෝගයක් ලෙස මෙය හඳුවන්වන්නට පුළුවන්. උළුහාල් තේහැඳි එකක්, සුදුලූණු ගෙඩි එකක්, කුරුඳු පොතු, කරපිංචා, ගොරකා කෑලි තුනක් බැගින් ගෙන සිහින් වන්නට අඹරාගෙන තේ හැඳි එක බැගින් උණුවතුරින් බොන්න. දියවැඩියාව ඇත්නම් රණවරා ගසේ පංචාංගය පත අට එකට තම්බා උදේ සහ සවස බොන්න.  ආහාරයේ ඇති අම්ල ගතිය ඔබට යම් අපහසුවක් ඇතිකරන්නේ නම් අබ ඇට මිටක් ගෙන එය සපා ගිලිමින් ඇල්වතුර කෝප්පයක් බොන්න.  එයින් අවුරුදු කෑමවලින් ඔබේ රෝග තත්ත්වයන් උත්සන්න වීමට ක්ෂණිකව පිළියම් යෙදීමක් බවට පත්කරගන්නට හැකියි. හෝමාගම අතුරුගිරිය පාරේ නගරසීමා මාවතේ  අංක 345 හි සිද්ධාදී වෙද මැදුර අමතන්නට අවශ්‍ය නම් ඔබට 94 713464278 හෝ 94 759061771 අංක භාවිත කළ හැකියි.  සුවපත් බවින් පිරිපුන් අලුත් අවුරුද්දක් සමරන්නට මේ උපදෙස් ඔබට බොහෝ උපකාරී වනු ඇති.

අවුරුදු කන්න කලින් මේවා ගැනත් හිතන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :