X
ලාංකේය සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් අලුත් බලාපොරොත්තුවක්
( ෂෙහානි දිල්රුක්ෂිකා ) 2018-03-29 11:01:45
Comments - 4       Views - 2081

සුවහසක් පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා මෙතෙක් ලංකාවේ රජයේ රෝහල්වල නොතිබුණු පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ගෙන ඒමට ලාං‍ෙක්ය දුක හඳුනන, අනෙකාගේ වේදනාව දැනෙන රන් හදවත්වලට හැකි විය. එය පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදීමේ අවස්ථාවට  ඇත්තේ තවත් දින කිහිපයකි. උතුරා යන පිය සෙනෙහසේ කඳුළකින් ආරම්භ වූ මෙය  අරගලයක් තුළින් දිනාගත් දෙයක් ලෙස කිවහොත් වඩාත් නිවැරදි වේ. මේ ඒ පිළිබඳ තබනා සටහනකි. 

ආසියානු කලාපයේ රටක් ලෙස ලංකාව තුළ පිළිකා රෝගීන් සෑම ප්‍රදේශයකම පාහේ දැකගත හැකි අතර, මොවුන්ට සේවය සලසා  දෙන ලංකාවේ ප්‍රධාන පිළිකා රෝහල මහරගම අපේක්ෂා පිළිකා රෝහලයි. නමුත් ලංකාවේ පිළිකා රෝගීන්ට ස්වකීය පරීක්ෂණ කටයුතු සිදුකර ගැනීමට මේ වනතුරුත් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය යන්ත්‍රයක් වන පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැත. අපේ  රටේ සිටින බහුතරයක් දුප්පත් මිනිසුන්ට එවැනි පරීක්ෂණයක් පෞද්ගලික රෝහලක මුදල් වියදම් කරමින් සිදුකර ගැනීමට වත්කමක් නොමැති නිසාවෙන් එය මහත් අඩුපාඩුවකි. 

එම යන්ත්‍රය රෝගී සිරුරේ පටක හා අවයව ක්‍රියාත්මක වී ඇති ආකාරය හෙළි කිරීමට අත්‍යවශ්‍ය වේ. මේ තුළින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරකම් හඳුනාගැනීමට හැකියාවක් ඇති අතර, ආරම්භක අවදියේදී පිළිකා රෝග තත්ත්වය හඳුනා ගැනීමටද මෙය උපකාරී වේ. 
ලෝකයේ පෙට් ස්කෑන් යන්ත්‍රය නිපදවා අද වන විට වසර 26ක් පමණ කාලයක් ගතවූ නමුත්, තවමත් ලංකාවේ එවැනි යන්ත්‍රයක් නොමැති වීම කනගාටුවට කරුණකි. 

Capture copy

එකී අඩුපාඩුව සකස්කර සුවහසක් දුප්පත් ජනතාවගේ සුවය වෙනුවෙන් මෙවැනි පෙට් ස්කෑන් යන්ත්‍රයක් වෙනුවෙන් සමාජ අරගලයක් දියත් කළ ආදරණීය පියෙකු ලෙස එම්.එස්.එච්. මොහොමඩ් මහතා හඳුන්වාදිය හැකිය. මොහොමඩ් මහතාගේ පුතු 2013 වර්ෂයේදී පිළිකා රෝගියෙකු බවට පත්විය. දෙමවුපියන්ට තමන්ගේ දරුවන් තරම් වටින වෙනත් සම්පතක් නොමැති බව පසක් කරමින් ඔහු තම පුතු වෙනුවෙන් තමන්ගේ ඉඩකඩම් සහිත සියලුම දේපළ වියදම් කළේය. වරෙක ඔහු සිය පුතු ඉන්දියාවට ගෙනගොස් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ආරම්භ කළේය. නමුත් ඉන් කිසිදු සුභවාදී ප්‍රතිඵලයක් අත් නොවීය.

නැවතත් ලංකාවට පැමිණි මොහොමඩ් මහතා තම පුතු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නතර කර ප්‍රතිකාර කරනුයේ තාවකාලික හෝ සුවයක් අපේක්ෂාවෙනි. නමුත් ඒ වන විට ඔවුන් ආර්ථික වශයෙන් පමණක් නොව කායික හා මානසික වශයෙන්ද කඩා වැටී අවසන්ය. ඔහුට අවසානයේ ඉතිරි වූයේ තම පුතු බේරා ගැනීමේ ආත්ම ශක්තිය පමණි. නමුත් ඔහු සමස්ත පිළිකා රෝගීන්ගේ විමුක්තිය උදෙසා අරගල කරන්නට විය.

පෙට් ස්කෑන් යන්ත්‍රයක් පිළිකා රෝහලට ලබාගැනීම සඳහා අරමුදලක් ස්ථාපිත කර ඒ වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන්නට විය.  ලාංකිකයයන් අනෙකුත් ජාතීන් අතරින් සුවිශේෂී වන්නේ ඔවුන් සතු සුහදශීලී ආගන්තුක සත්කාර ගුණය නිසාවෙනි. නමුත් මේ තුළින් ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය පමණක් නොව පරිත්‍යාගශීලී බව, අනුන්ගේ දුක හඳුනනන ජාතියක් බවද පසක් විය. මේ සියල්ල සඳහා ගත වූයේ දින 90ක් පමණ ඉතා කෙටි කාල සීමාවකි. මොහොමඩ්ගේ පුතාගේ ඉල්ලීම වූයේ පිළිකා රෝගීන් සඳහා පෙට් ස්කෑන් යන්ත්‍රයක් කෙසේ හෝ පරිත්‍යාග කිරීමයි. ඒ වන විටත් මොහොමඩ් කදීජා සම්මේලනයේ සභාපති වශයෙන් කටයුතු කර තිබේ. ඔහු ඒ යටතේ වෙනම %ෆයිට් කැන්සර්^ නමින් කණ්ඩායමක් අාරම්භ කර අරමුදලක් එකතු කරන්නට වූයේ 2016 වර්ෂයේ මාර්තු මස සිටය. එම අරමුදල ඇරඹීමේ නිල අවස්ථාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. 

ඔවුන් මුලදී අපේක්ෂා කළ මුදලටත් වඩා වැඩි මුදලක් එනම් මිලියන 250ටත් වඩා වැඩි මුදලක් රන් හදවත් උරුම වූ ලාංකික ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් එකතු කර ගැනීමට හැකි විය. මෙය ජාති, කුල, ආගම් හෝ වෘත්තීන් පසෙකළා සියලුදෙනා ලාංකිකයන් සේ එකාවන්ව එක්ව සිදුකළ ජාතික කර්තව්‍යයකි. 

fight cancer team (4) copy

නමුත් කනගාටුවට කරුණ වන්නේ පෙට් ස්කෑන් යන්ත්‍රය ගෙන එන තෙක් මගබලා සිටි මොහොමඩ්ගේ පුතණුවන්ගේ සිහිනය සඵල වීමට මත්තෙන් ඔහු සදහටම දෑස් පියා ගැනීමය. ඔහුගේ ආශාව වූ ඒ යන්ත්‍රය ලාං‍ෙක්ය සුවහසක් පිළිකා රෝගීන්ට අප්‍රේල් මස 01 වැනිදා විවෘත වුවත් එය බලන්නට ඔහුගේ දෑස විවර වන්නේ නැත. නමුත් එයින් දුප්පත් පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයකට තවත් දිනක් හෝ කාලයක් ජීවත් වීමට අවස්ථාවක් උදා වේ. 

මෙම ප්‍රමාදය එක් අතකින් පරිපාලන ක්‍රියාවලියේ අක්‍රමිකතාවකි. මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ මුදල් එකතු වුවත් එය ලබාගැනීමට ලාංකික වැසියාට වසර දෙකකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවිය. මේ සඳහා එකතු වූ මුදල් සියල්ල බැර කළේ රජයේ ගිණුමකටය. පරිපාලන සේවයේ අක්‍රමවත් ටෙන්ඩර් පටිපාටිය නිසා මෙසේ කල්ගත වන්නට ඇත. 

ඒ සිදුවීම් එසේ සිදුවුවද දැන් එය රෝහලේ සවි කිරීමේ කටයුතු නිමා කරමින් සිටියි. ලාංකික ජනයාගේ උත්සාහයේ ප්‍රතිඵලයෙන් ලබාගත් මෙය පාගමනින් ගොස් රෝහලට බාරදීමේ කටයුතු අප්‍රේල් මස පළමු වැනිදා උදෑසන 7ට වැල්ලවත්ත රොක්සි සිනමාහල අසලින් ආරම්භ වේ. පසුව උදෑසන 10ට මෙහි සමාරම්භක අවස්ථාව රෝහල් පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, ඉන්පසුව මෙය මහජනතාවට විවෘත වේ. මේ සඳහා සහභාගි වන ලෙස කදිජා සම්මේලනයේ සභාපති මොහොමඩ් මහතා මානුෂීය අනුකම්පා සහිත සිත් ඇති ඔබ සැමට  ආදරයෙන්  ඇරයුම් කරයි. 

නමුත් මෙය අවසානයක් නොවේ. හුදෙක් අරගලයක ආරම්භයක් පමණකි. මොවුන්ගේ ඉදිරි අපේක්ෂාව වන්නේ රෝහලට මිලියන 200ක් වටිනා එම්.ආර්.අයි. ස්කෑනර් යන්ත්‍රයක් හා මිලියන 100ක් වටිනා සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් ලබාදීමය. අපේ රටේ රෝහල් තුළ තවත් බොහෝ නවීන තාක්ෂණික උපකරණ වන එනම්, බ්‍රොන්චොස්කොපීස්, එන්ඩොස්කොපීස්, රේඩියෝ අයඩින් ආදී උපකරණවල අවශ්‍යතා රැසකි. අද වන විට ලාංකික සමාජයෙන් මිනිස් ජීවිත බිලිගන්නා දරුණු රෝගයක් ලෙස පිළිකාව පත් වී හමාරය. එවන් සමාජීය පසුබිමක් තුළ 2022 වන විට මහරගම අපේක්ෂා රෝහල දකුණු ආසියාවේ හොඳම රෝහල්වලින් එකක් බවට පත් කිරීම ෆයිට් කැන්සරින් කණ්ඩායමේ මූලික අභිප්‍රාය වේ. එයට ඔවුන්ට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවායි අපි හදවතින් සුබපතමු. 

  


එම්.එස්.එච් මොහොමඩ්,

මගේ පුතාට පිළිකාවක් වැලඳුණේ 2013 වර්ෂයේදී. ඔහුගේ ප්‍රතිකාර කටයුතු සඳහා ඉන්දියාවේ පෞද්ගලික රෝහලකට එක්ක ගියා. එහිදීත් වසරක් පමණ ප්‍රතිකාර කළා. නමුත් ඉන් සුවයක් නොලැබුණ නිසා නැවතත් ලංකාවට එක්ක ඇවිත් මෙහේ පෞද්ගලික රෝහලක මාස හයක පමණ කාලයක් ප්‍රතිකාර කළා. මේවායින් ප්‍රගතියක් අත්නොවුණත් පෞද්ගලිකව මට කෝටි ගාණක මුදලක් වියදම් වුණා.  අවසානයේ පුතාගේ ප්‍රතිකාර කටයුතු සඳහා දේපළ පවා විකුණන්න සිද්ධ වුණා.

ඒ නිසා අපි ආර්ථිකව පමණක් නොවෙයි මානසික හා කායික වශයෙනුත් කඩාගෙන වැටුණා. ඒ පසුබිමත් එක්ක 2015 වර්ෂයේදී තමයි අපි මහරගම පිළිකා රෝහලට පුතාව එක්ක යන්න තීරණය කළේ. ඒ ගියාට පසුවයි දැනගැනීමට ලැබුණේ මහරගම පිළිකා රෝහල තුළ පෙට් ස්කෑනර් යන්ත්‍රයක් නොමැති බව. මම පුදුම වුණා මහරගම එවැනි ස්කෑනරයක් නැති වීම ගැන. ඒ වෙනකොටත් මගේ පුතාට ඉන්දියාවේ හා ලංකාවේ පෞද්ගලික රෝහල්වලින් පෙට් ස්කෑන් හතක් හෝ අටක් අරගෙන තිබුණා. මගේ පුතාගේ ඉල්ලීම වුණේ පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මහරගම රෝහලට පරිත්‍යාග කරන්න කියලයි. 

ටෙන්ඩර් පටිපාටියේ තිබෙන අඩුපාඩු හා ප්‍රමාද දෝෂයන් නිසා පෙට් ස්කෑනර් යන්ත්‍රය ගෙනෙන කාර්යය අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වුණා. යල්පැනපු ටෙන්ඩර් පටිපාටිය ගැන මෙහිදී මම ඉතාමත් කනගාටුවට පත්වෙනවා. ඒ නිසා පෙට් ස්කෑන් යන්ත්‍රය කවදා ලැබේදෝ යන සිහිනයෙන් සදහටම දෑස් පියා ගන්නට මගේ පුතාට සිදුවුණා. 

මගේ ජීවිතේ හීන අතරින් මේක තමයි මට තිබුණ අභියෝගාත්මක හීනය කිව්වොත් නිවැරදියි. ඒක මගේ සහ රටේ මිනිසුන්ගේ ජීවිත සමග බැඳිච්ච හීනයක්. මගේ පුතා හුමයිඩ්ගේ ඉල්ලීම නිසා ඒ හීනේ සැබෑ කරගන්න අපට පුළුවන් වුණා. ඒ සඳහා මට ආපු බාධක එමටයි. බුදුහාමුදුරුවන්ට ගල් පෙරළලා ආනන්තරීය පාපකර්ම කරගත්ත දේවදත්තලා වගේ අය තවමත් අපේ සමාජයේ ඉන්නවා කියල දැනෙනකොට මට ලොකු කලකිරීමක් ආවා. නමුත් මම ඒ කිසිම දෙයකින් සැලුණේ නැහැ. ඒ නිසා අද ඒ හීනෙ සැබෑ වෙලා තිබෙනවා.

1 copy copy

ලාංකේය සියලු පිළිකා රෝගීන් වෙනුවෙන් අලුත් බලාපොරොත්තුවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (4)
Posted by nihal on (2018-03-29 04:17:42)

Mr Mohamod you have done a good job to poor people in sri lanka actually you are great person now you have to do a big job more than purchasing of pet scanner as my memory government took over 8 months to bring the machine but privet hospital do not take 45 days. like this this pet scanner also may be quickly out of order in front of something ( pagawa ) of privet hospital

Posted by Samarajeewa on (2018-03-29 08:17:22)

WE WISH YOU GOOD HEALTH!!!

Posted by SRI LANKAN on (2018-04-04 00:01:09)

IT IS THE MEDIA THAT MAKES THE HUGE DIFFERENCE THESE DAYS .IF NOT FOR THE RELENTLESS EFFORTS OF DERENA THROUGH THEIR PROGRAMME MANUSATH DERANA THIS WOULD HAVE BEEN ANOTHER FLOP AS WAS WITNESSED IN THE PAST .THIS IS A PROUD MOMENT FOR SRI LANKAN MEDIA .

Posted by Keith on (2018-04-19 15:36:20)

Regardless all this, too many staff is the Cancer hospital need to know and use common sense. Please learn how to treat those poor patients. Doctors also need to know the ethics and how to treat patients. If they thinks that it is ok to ignore these advise, please note that we are watching you carefully.

Posted by nihal on (2018-03-29 04:17:42)

Mr Mohamod you have done a good job to poor people in sri lanka actually you are great person now you have to do a big job more than purchasing of pet scanner as my memory government took over 8 months to bring the machine but privet hospital do not take 45 days. like this this pet scanner also may be quickly out of order in front of something ( pagawa ) of privet hospital

Posted by Samarajeewa on (2018-03-29 08:17:22)

WE WISH YOU GOOD HEALTH!!!

Posted by SRI LANKAN on (2018-04-04 00:01:09)

IT IS THE MEDIA THAT MAKES THE HUGE DIFFERENCE THESE DAYS .IF NOT FOR THE RELENTLESS EFFORTS OF DERENA THROUGH THEIR PROGRAMME MANUSATH DERANA THIS WOULD HAVE BEEN ANOTHER FLOP AS WAS WITNESSED IN THE PAST .THIS IS A PROUD MOMENT FOR SRI LANKAN MEDIA .

Posted by Keith on (2018-04-19 15:36:20)

Regardless all this, too many staff is the Cancer hospital need to know and use common sense. Please learn how to treat those poor patients. Doctors also need to know the ethics and how to treat patients. If they thinks that it is ok to ignore these advise, please note that we are watching you carefully.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :