මේවන විට ඔබ අවට සිටින කී දෙනෙක් ක්ෂය රෝගීන්ව සිටිනවාද ? නැතිනම් ඔබ දැනට ක්ෂය රෝගයේ ගොදුරක්ව සිටිනවාද යන්න මොහොතක් හෝ සිතා බැලුවාද 2017 වන විට හඳුනාගත් ක්ෂය රෝගීන් ප්‍රමාණය (අප රටේ සායනවලට පැමිණි ලියාපදිංචි රෝගීන් සංඛ්‍යාව)8511 කි. නමුත් මේ රෝගීන්ගෙන් ක්ෂය රෝගය ආසාදිතව සිටී යැයි ඇස්තමේන්තු ගත ප්‍රමාණය 13 ,000 ඉක්මවයි. නව රෝගීන්ගෙන් සෙමවල විෂ බීජ සහිත රෝගීන් සංඛ්‍යාව 4019 ක් වන අතර රෝග ලක්ෂණ මගින් හෝ අනෙකුත් පරීක්ෂණවලින් හඳුනාගත් රෝගීන් 1766 කි.
ක්ෂය රෝගය ඇතිකරනුයේ මයිකොබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් නම් බැක්ටීරියාවයි. මෙය ලෝකයේ ඉතාම පැරණි ඉතිහාසයක් ඇති බැක්ටීරියාවක්වන අතර 1882 දී ජර්මානු ජාතික විද්‍යාඥයෙකු වූ රෝබර්ට් කොක් විසින් එම බැක්ටීරියාව ක්ෂය රෝගය ඇතිකිරීමට හේතුකාරක වන බව සොයාගැනීමත් සමග සෑම මසකම මාර්තු මස විසිහතරවැනිදා ක්ෂය රෝග දිනය ලෙස නම් කෙරිණි. ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් ක්ෂය රෝග ආසාදිතයන් බවට පත්ව ඇති අතරම මෙයින් සියයට හතලිස් පහක්ම ජීවත්වනුයේ අග්නිදිග ආසියාතික රටවලය. ලෝකයේ සිදුවන මරණ අතරින් නව වන ස්ථානයේ පවතින ක්ෂය රෝගය එක් බෝවෙන රෝගයකින් වැඩිම මරණ සංඛ්‍යාවක් ඇතිකරන රෝගය ලෙස සැලකෙයි.
ඔවු මේ කාරණය නම් ඔබ දැන සිටිය යුතුමයි. මෙය ඔබේ සිරුර ආක්‍රමණය කරන්න ඔබේ සිරුර තුළට රිංගාගන්නේ වාතය මගින්. එසේ ඇතුළුවන මේ රෝගබීජයට ඔබේ පෙණහළු තුළ වගේම සිරුරේ ඕනෑම අවයවයක සැඟවෙන්නට පුළුවන්. ඒ වගේම මෙය රෝග ලක්ෂණ නොපෙන්වා පවතින්නට සමහර විට වෙනත් ඉන්ද්‍රියන්වල සැඟවුණ බැක්ටීරියාවට හැකියාව තිබිය හැකියි. එමෙන්ම රෝග බීජය ආසාදිත අය හැමෝම ක්ෂය රෝගීන් බවට පත්නොවේ.රෝගබීජය ආසාදිත වූවන් අතරින් රෝගය තවත් කෙනෙකුට බෝ කිරීමේ හැකියාව පවතින්නේ පෙණහළු ආශ්රිත නැතිනම් සෙමවලින් විෂ බීජ පිටකරන රෝගියෙකුට පමණයි. නමුත් සමහරුන්ට ක්ෂය රෝග බීජය ඇතුළු වුවහොත් ඉක්මණින් ක්ෂය රෝගීන් බවට පත්වීමේ හැකියාවන් පැවතිය හැකියි. ඒ ප්‍රතිශක්තිය හීනවූ පුද්ගලයන්ටය. සාමාන්‍යයෙන් මන්ද පෝෂණයෙන් පෙළෙන්නන්, දියවැඩියාවෙන් පෙළෙන්නන්, මත්ද්‍රව්‍ය හා මත් පැන්වලට ඇබ්බැහිවූවන්, නිදන්ගත රෝගවලින් පෙළෙන ප්රතිශක්තියහීනවූ පුද්ගලයින් මෙසේ ක්ෂය රෝගයට වැඩි ප්‍රවණතාවයක් දක්වයි.
ක්ෂය රෝගය වාතය ඇසුරුකොට ගෙන බෝවෙන රෝගයක් බව අපි මුළින්ම කී බව ඔබට මතක ඇති. එහෙම නම් මේ දරුණු බැක්ටීරියාව වාතයට එක්වන්නේ කෙසේද යන්නත් අපි සාකච්ඡාවට බඳුන් කළ යුතුයි. ක්ෂය රෝගය වැලඳුන පුද්ගලයෙක් තදින් සිනාසෙන විට , කහින විට කිවිසුම් යන විට පිටකරන රෝගකාරක බැක්ටීරියාව අඩංගු බිඳිති, තවත් අයෙකු අග්‍රාහණය කළහොත් එම පුද්ගලයාට මේ බැක්ටීරියාව ආසාදනය වෙන්නට පුළුවන්. ප්‍රතිකාර නොලබන ක්ෂය රෝගියෙකුගේ සෙමවල මෙම බැක්ටීරියාව පැවතියදී එය භාහිර පරිසරයට මුදාහැරීමෙන් තවත් නිරෝගී පුද්ගලයින් දහයක් පහළොවක් අතර ප්‍රමාණයකට රෝගය බෝකිරීමේ හැකියාව ඇත.කළින්ම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ලබා සුවනොවුවහොත් ඔබ සමාජයේ බොහෝ දෙනෙකු ක්ෂය රෝග අවධානමට ලක් කරන්නා වූ පුද්ගලයෙකු වීමට ඉඩ ඇති බැවින් රෝග ලක්ෂණ එකක් හෝ ඇති විට නොපමාව ඔබේ එම රෝග ලක්ෂණය ක්ෂය රෝගය නිසාදැයි තහවුරු කරගන්න.
බොහෝ දෙනා කැස්ස පිළිබඳ සිතන්නේ මෙහෙමයි. ක්ෂය රෝගය සඳහා ඇතිවන කැස්ස නම් සෙම සමග රුධිරය පිටවිය යුතුම යන්නයි. නමුත් ක්ෂය රෝගීන් සෑම දෙනෙකුම රෝගයේ මුල් අවදියේ සිටම එසේ සෙම සමග රුධිරය පිටකරන්නන් නොවේ. ප්‍රධානම ලක්ෂණය වනුයේ සති දෙකකට වඩා පවතින කැස්සයි. නමුත් ක්ෂය රෝගයේදී ඔබේ ආසාදිත බව පෙන්වන තවත් ලක්ෂණ තිබෙන්නට පුළුවන්. මද උණ ගතිය, රාත්‍රිකාලයේ වෙන කවරදාකවත් නොවූ පරිද්දෙන් අධික දහඩිය දැමීමක් මෙන්ම ශරීරයේ බර අඩුවීම වෙහෙස නොවී සිටින විට පවා අධික මහන්සියක් දැනීම, පපුව රිදුමක් ඇතිවීම, කළක් කැස්ස පැවතීමෙන් අනතුරුව කැස්ස සමග රුධිරය වැනි මේ ලක්ෂණ සියල්ලම නැතත් කීපයක් හෝ පවතිනවා නම් වහාම පරීක්ෂණ වෙත යොමුවෙන්න.
රෝගය සම්බන්ධයෙන් වගේම රෝග පරීක්ෂාව සම්බන්ධයෙනුත් ඇතමුන් තුළ වැරදි මත තිබෙන්නට හැකියි. ඒවා ගැන අප ඔබව වෙනමම දැනුම්වත් කරන්නේ ඒ නිසයි. ක්ෂය රෝගය හඳුනාගැනීම සම්බන්ධයෙන් ඇති පහසුම හා සරලම පරීක්ෂණය වනුයේ සෙම පටල අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීමයි. කඩිනම් පරීක්ෂණයක්ද දැන් මේ සඳහා පවතින අතර පටක රෝපණය ( කල්චර්) වඩාත් විශේෂිත සහ සංවේදී පරීක්ෂණ ලෙස සඳහන් කළ හැකිය.
කිසිදු බාධාවක් නැති අතර බාධාවක් ලෙස මතුවිය හැක්කේ ඔබගේම ආකල්පයි.ක්ෂය රෝගය යනු බෝවෙන නමුත් ප්රතිකාරවලින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයකි. එය සමාජයෙන් කොන්වී සිටීමට හෝ එසේ කොන්කිරීමට ලක්විය යුතු රෝගයක් නොවේ. මාස හයක ප්‍රතිකාර මගින් ක්ෂය රෝගය නිට්ටාවට සුව කළ හැකි අතර නැවත වතාවක් ආසාදනයවීම ඉතාම දුලභය ප්‍රතිකාර ආරම්භ කර දින දෙකක කාලයේ සිටම ප්‍රතිකාර ලබාගත් රෝගියාගෙන් තවත් කෙනෙකු ආසාදිතවීම වළකී. මේ නිසා
සාමාජීය වශයෙන්....
+ ක්ෂය රෝගය ආසාදිත අයෙකු ප්‍රතිකාර ලබමින් ඔබ සමග සේවය කරන්නේ නම් ඒ තැනැත්තාව කොන් කිරීමෙන් වළකින්න.
+ රෝගය නිසා ඔහු හා සේවය කිරීම ප්‍රතික්ශේප නොකරන්න.
+ ප්‍රතිකාර නිසි පරිදි ගැනීමට ඔහු හෝ ඇය දිරිමත් කරන්න.
ක්ෂය රෝගියෙකුවීම ඔහුගේ හෝ ඇයගේ වරදක් නොවේ. ඔහුහෝ ඇයගෙන් නොවූනද ඔබටද වෙනත් අයෙකුගෙන් එය වැලඳීමට ඉඩ ඇති අතර ඔබටද ඔවුන්ට මෙන්ම ප්‍රතිකාර ලබා රෝගය සුවකර ගැනීමේ අයිතිය හා හැකියාව ඇත.
+තමන්ට පවතින රෝග ලක්ෂණ කෙරෙහි පූර්ණ අවධානය දක්වා ළඟම ඇති රෝහලට හෝ ළය චිකිත්සාගාරයට ගොස් පරීක්ෂාවට ලක්වෙන්න.
+ අදාල පරීක්ෂණවලින් ඔබ රෝගියෙකු බව තහවුරු විණි නම් වෛද්‍ය උපදෙස් පරිදි ඔබට ලබාදෙන ඖෂධ නිසි මාත්‍රාවෙන් නොවරදවා නොකඩවා ගැනීමට උනන්දු වෙන්න.
+ ඔබේ රෝගී බව සමාජයෙන් සැඟවිය යුතු රෝගයක් නෙවේ. නමුත් මුව ආවරණයක් පැලඳීම තුළින් ඔබට ඔබේ සිතේ පවතින කුඩා සැකය පවා ඉවත්කර ගත හැකිය.
+ සෙම පටල පරිසරයට මුදාහැරි මොහොතේ සිට හොඳින් වාතාශ්‍රය තිබෙන ස්ථානයකදී සුළු මොහොතකින් එහි ඇති රෝග බීජ විනාශවන නමුත් හොඳ වාතාශ්‍රයක් නොමැති අඳුරු පරිසරයක් තුළ එයට ජීවී මට්ටමින් පැවතිය හැකි බැවින් ඔබෙන් තවත් කෙනෙකුට රෝගය ව්‍යාප්ත නොවෙන පරිද්දෙන් කටයුතු කරන අතර රෝගය සම්බන්ධයෙන් ඔබට ලබාදෙන වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින්න
ඉතාමත් බහුළය. ක්ෂය රෝයග නිට්ටාවටම සුවකරන්නට එම ප්‍රතිකාර වලට හැකියාව තිබේ. සියළුම ප්‍රතිකාර නිර්දේශය පරිද්දෙන්ම ගැනීම ඔබේ සුවයට මනා පිටුවහලක් වෙයි. නොකඩවා මාස හයක් ගැනීම අවශ්‍ය අතර රෝග ලක්ෂණ පහව යන විට ප්‍රතිකාර අතරමග නැවැත්විය නොහැකිය. යම් අයුරකින් මාස හයම ප්‍රතිකාර ලබා නොගෙන පැහැර හැරියහොත් වඩාත් භයානක බහු ඖෂධ ප්‍රතිරෝධී ක්ෂය රෝග තත්ත්වය හටගත හැකිවන අතර ජීවිතය මරණයෙන් කෙළවර විය හැකිය. ආරම්භයේදීම අප වසරකට හාරසියයත් පන්සියයත් අතර අපේ අය ක්ෂය රෝගයෙන් මරණයට පත්වන බව පැවසුවා ඔබට මතක ඇති . එසේ මරණයට හේතුවන ක්ෂය රෝග තත්ත්වය ප්‍රතිකාර මග හැරීම නිසා අවාසනාවන්ත ලෙස රෝගියා විසින්ම අඬ ගසා ලබාගන්නක් බව ඒ සමගම ඔබට සිහිපත්වෙන්නේ නම් ඔබ දන්නා අයෙකු හෝ ඔබටම හෝ ක්ෂය රෝගය වැලඳී ඇතැයි දැනගත් විටක ඒ වෙනුවෙන්ම අවධානය දක්වා අමතක නොකර මාස හයක ඖෂධ නොකඩවා ලබාගැනීමට උනන්දුකරවන්න.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්රණයෙණි.