X
බිත්තර ආනයනය අසත්‍යයක් - ක. හා වාණිජ අමාත්‍යාංශය
( ෂමිල පෙරේරා ) 2018-03-12 18:25:07
Comments - 0       Views - 355

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් බිත්තර ආනයනය කිරීමට සූදානමක් පවතින බව අද (12දා) පුවත්පත්වල පළ වී තිබෙන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

තම අමාත්‍යාංශය මඟින් බිත්තර ආනයනය කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, මෙවැනි අසත්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඇතැම් පුවත්පත්වල මෙම අසත්‍ය පුවත් පළ වී තිබුණේ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඇතුළු නිලධාරීන් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරින් බවද එම නිවේදනයේ දැක්වෙයි.

එහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වී බිත්තර මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග මඟින් දැනුවත්ව ඇති බව සඳහන් කර තිබුණු බවත්, මෙයින් පැහැදිලි වන්නේ සත්‍ය වශයෙන්ම නොදැන හිතා මතා අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින්, අසත්‍ය ප්‍රවෘත්ති මවන ආකාරයක් බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

බිත්තර ආනයනය අසත්‍යයක් - ක. හා වාණිජ අමාත්‍යාංශය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :