X
ගැටුම් හමුවේ ආරථිකයට හානි -ලං.වාණිජ මණ්ඩලය
( ෂමිල පෙරේරා ) 2018-03-11 21:15:03
Comments - 0       Views - 463

ආගමික හා වාර්ගික අසහනකාරී තත්ත්වය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති වත්මන් අර්බුදකාරී තත්ත්වය දැඩි ලෙස හෙළා දකින බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද එම මණ්ඩලය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. එසේම තවදුරටත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇතිවීම හෝ එකමුතු බව වළකාලන ප්‍රචාරණයන් වළැක්වීමට රටේ සියලු පුරවැසියන් එකට එකතුව, ඊට නායකත්වය ලබාදෙන ලෙසද ඔවුන් දැඩිව ඉල්ලා සිටියි.

මෙලෙස වාර්ගික ගැටුම් ඇතිවීම පිළිබඳ ආසන්න ඉතිහාසය දෙස බැලීමේදී රටෙහි ජනතාවට එය කොතරම් දැඩි බලපෑම් එල්ල කළේද යන්න පැහැදිලි වන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයෙන් කියැවේ. ඒ අනුව මෙම ගැටුම්කාරී තත්ත්වය රටේ සංවර්ධනයට ආධ්‍යාත්මික, සාමාජීය මෙන්ම ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ නිසා වගකිව යුතු ජනතාවක් ලෙස හැසිරෙමින් බලධාරීන්ට තත්ත්වය සාමකාමී ලෙස විසඳා ගැනීමට සහාය දක්වන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවද ලංකා වාණිජ මණ්ඩලය පවසා සිටියි.

ගැටුම් හමුවේ ආරථිකයට හානි -ලං.වාණිජ මණ්ඩලය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :