දරණාගම කුසලධම්ම නාහිමියෝ දැයෙන් නික්මයති
( ඔෂිත වරකපිටිය ) 2018-03-08 18:46:56
Comments - 0       Views - 2038

කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාර්තෘ, අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (08දා) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලදී රාජ්‍ය අනුග්‍රහය යටතේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහර අද (08දා) පස්වරු 1.30 පමණ ශ්‍රී සම්බෝධි විහාරයෙන් පිටත් වූ අතර, පස්වරු 3.00ට පමණ නිදහස් චතුරස්‍ර පරිශයේදී ආදාහන උත්සවය ආරම්භ විය.

ආදාහන පූජෝත්සවය සඳහා මල්වතු, අමරපුර  හා රාමඤ නිකායන් නියෝජනය කරමින් හිමිවරුන් ප්‍රධාන ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැඩමකර සිටියහ. එමෙන්ම ගිහි පක්ෂය නියෝජනය කරමින් කථානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

DSC_3840 DSC_3849 DSC_3853 DSC_3860 DSC_3871 DSC_3908 DSC_3910 DSC_3930 DSC_3967 DSC_4015 DSC_4031 DSC_4051 DSC_4066 DSC_4090

ඡායාරූප - ශමීර රාජපක්ෂ

දරණාගම කුසලධම්ම නාහිමියෝ දැයෙන් නික්මයති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :