X
ඉතාලි මහ මැතිවරණයට සතියක් තිබියදී පාක්ෂික ගැටුම්
( නරේන් විශ්වජිත් ) 2018-02-25 23:00:44
Comments - 0       Views - 227

ඉතාලියේ මහ මැතිවරණයට සතියක් තිබියදී අන්ත දක්ෂිණාංශික සහ ෆැසිසට් විරෝධී කණ්ඩායම් අතර විරෝධතා හේතුවෙන් පොලීසිය සමග ගටුම් ඇති කරගෙන තිබේ.

වාමාංශික විරෝධතාකරුවන් පොලිස් බාධක බිඳගෙන ඉදිරියට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී මිලාන් පොලීසිය ඔවුන්ට බැටන් ප්‍රහාර එල්ල කර ඇත.

මේ අතර, සංක්‍රමණ විරෝධී පක්ෂයේ නායක මැට්ටියෝ සල්විනි සිය ආධාරකරුවන් අමතමින් පවසා සිටියේ ඉතාලියේ ආරක්ෂාව ශුද්ධ වූ වගකීමක් විය යුතු බවයි.

මෙම විරෝධතාවන් රෝමයේ මෙන්ම, පැලේර්මෝ නගරයේදීද පැවැත්වුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මේ අතර, මැතිවරණයට සතියක් තිබියදී පූර්ව මැතිවරණ ප්‍රතිඵල පුරෝකථන පෙන්වා දෙන්නේ දක්ෂිණාංශික ෆොර්සා පක්ෂය ඉදිරියට පැමිණ ඇති බවයි.

ඉතාලියේ හිටපු අගමැතිවරයෙකු වූ සිල්වියෝ බෙර්ලූස්කෝනි මෙම පක්ෂයේ නායකත්වය දරයි.

මේ අතර, ෆයිව් ස්ටාර්ස් ව්‍යාපාරයද බෙර්ලූස්කෝනිගේ පක්ෂය සමග මාර්තු 04දා පැවැත්වෙන මහ මැතිවරණයේදී කරටකර තරගයක් ලබාදෙනු ඇති බව එම පුරෝකථන පෙන්වා දෙයි.

1_Italy 2 3 4

ඉතාලි මහ මැතිවරණයට සතියක් තිබියදී පාක්ෂික ගැටුම් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :