ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ ආණ්ඩු භූමිකාව ජනපති දැනුම්දී නෑ
( අම්ත් මධුරංග ) 2018-02-13 19:49:21
Comments - 0       Views - 1057

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ආණ්ඩුව තුළ සිදුකරන භූමිකාව  සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය මේ දක්වා එම ඇමතිවරුන්ට දැනුම්දී  නැතැයි  ශ්‍රීලනිප උප සභාපති අමාත්‍ය පියසේන ගමගේ මහතා පැවසීය.

ශ්‍රීලනිප ඇමතිවරුන් පෙරේදා (11දා) දහවල්  ජනාධිපතිවරයා මුණගැසුණු පසුව මේ දක්වා හමුවීමක් සිදුනොවුනු බවත්, ඉදිරි  සාකච්ඡාවක් සඳහා මේ දක්වා කැඳවීමක් නොලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් නිවැරදි තීරණයක් ගනු ඇති බවත්, ඉන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධීනත්වයට හානියක් නොවනු ඇතැයිද හෙතෙම පවසා සිටියේය.

ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ ආණ්ඩු භූමිකාව ජනපති දැනුම්දී නෑ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :