විස්සයි විස්ස සංචිතයට කුසල් ජනිත් නෑ
( මිත්‍ර ජයවර්ධන ) 2018-02-13 15:46:33
Comments - 0       Views - 1528

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රහාරක පිතිකරු කුසල් ජනිත පෙරේරා බංග්ලාදේශය හා පැවැත්වෙන මීලඟ විස්සයි විස්ස සංචිතයෙන් වෛද්‍ය උපදෙස් හේතුවෙන් ඉවත් කර තිබෙනවා.

බංග්ලාදේශයේ පැවති එක්දින තුන්කොන් තරගාවලිය අතරතුර සිම්බාබ්වේ සමග පැවති දෙවැනි තරගය අතරතුර ආබාධයකට ලක්වූ ජනිත් හට නැවතත් යථා තත්ත්වයට පැමිණීමට  වෛද්‍ය උපදෙස් අනුව තවත් යම් කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇත.

විස්සයි විස්ස සංචිතයට මින් පෙර කුසල් ජනිත් පෙරේරා නම් වී තිබුනද, ඊයේ දිවයිනෙන් පිටත් වූ කණ්ඩායම් සගයින් සමග ඔහු පිටත් වූයේ නැත.

ඔහුගේ ස්ථානය කුසල් මෙන්ඩිස් විසින් හිමිකරගනු ඇත.

 

විස්සයි විස්ස සංචිතයට කුසල් ජනිත් නෑ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :