හොඳ සංගීත නිර්මාණ භාරගන්න ප්‍රේක්ෂක පිරිසක් ලංකාව තුළ සිටිනවා
( නිඳුක් මධුෂීක ) 2018-02-13 10:45:50
Comments - 0       Views - 151

ගීත නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කළ උදාර සමරවීර 'ආදරණීය කතාවක්' චිත්‍රපටය තුළින් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට යොමු විය. එලෙස දායක වු චිත්‍රපටයට ඇගයුම් ලබන ඔහු අප හා සම්මුඛ විය.


64798_10151748293109700_1502490633_n

Q ඔබ චිත්‍රපට සංගීතය නිර්මාණය කළ පළමු චිත්‍රපටයම සම්මාන ලබා ගන්නවා

2014 වසරේදී තමයි මම මුලින්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට යොමු වුණේ. ඒ %ආදරණීය කතාවක්^ චිත්‍රපටය මගින්. 2017 වසරේ පැවති දෙරණ ලක්ස් සිනමා සම්මාන උ‍ෙළළේ ජනප්‍රියම ගීතය වෙනුවෙන් %අහසින් එහා කියන ගීතයට^ සම්මාන ලබාගන්න මට හැකි වුණා. ප්‍රවීණ සංගීතඥයන් කළ ගීත මේ සම්මානයට නිර්දේශ වී තිබුණා. ඒ අතරින් ජනප්‍රියම ගීතය වෙනුවෙන් මේ ගීතයට සම්මාන හිමි වීම ගැන සතුටුයි. ඒ වගේම %ආදරණීය කතාවක්^ චිත්‍රපටයේ පසුබිම් සංගීතය උදෙසා එම වසරේම සිග්නිස් සම්මාන උලෙළේ ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයකුත් ලබාගන්න හැකියාව ලැබුණා. සංගීත නිර්මාණකරුවෙකුගේ හීනය තමයි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට යොමු වීම. මගෙත් හීනය වුණේ එයයි. ඒ හීනය සැබෑ වුණේ %ආදරණීය කතාවක්^ චිත්‍රපටය තුළින්. පළමු චිත්‍රපටයම එලෙස සම්මානයට පාත්‍ර වීම ගැන තියෙන්නේ ලොකු සතුටක්.

Q ඔබ බලාපොරොත්තු වුණේ චිත්‍රපට පසුබිම් සංගීත නිර්මාණකරුවෙක් ලෙස කටයුතු කිරීමටද

කුඩා කල සිටම මගේ බලාපොරොත්තුව වුණේ චිත්‍රපට සංගීතයට දායක විය යුතුයි කියලයි. චිත්‍රපට ගීතයක් හා අනෙක් ගීත අතර වෙනසක් තිබෙනවා. දර්ශනයට අදාළ සිදුවීම් රූපණය කිරීමට සංගීතයට හැකියාවක් තිබෙන්න ඕන. එය චිත්‍රපට ගීතයක අඩංගු විය යුතුයි. විදෙස් රටවල කාටුනවල පවා සංගීතයෙන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. මට කේමදාස මාස්ටර් සංගීතවත් කළ චිත්‍රපට කුඩා කාලේ සිටම නරඹන්න හැකියාව ලැබුණා. එයත් චිත්‍රපට සංගීත නිර්මාණකරුවෙක් වෙන්න වගේම සංගීතයට ඇල්මක් ඇති කරන්නත්  ලොකු පෙළඹවීමක් ඇති කළා.

Q 'ආදරණීය කතාවක්' සිනමාපටයෙන් පසුව ඔබට චිත්‍රපට කිහිපයකටම සංගීතයෙන් දායක වෙන්න හැකියාව ලැබෙනවා.

මම චිත්‍රපට තුනකට පමණ සංගීතය නිර්මාණය කළා. ඒ අතරින් 'දේදුනු ආකාසේ' චිත්‍රපටය තිරගත වුණා. ඒ චිත්‍රපටය ලැබෙද්දී මුල් චිත්‍රපටයට සම්මාන ලැබී තිබුණේ නැහැ. ඒ සිනමා නිර්මාණ ලැබුණේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් හා නිෂ්පාදකයන් %ආදරණීය කතාවක්^ චිත්‍රපටය නැරඹීමෙන් පසුවයි. එක් තේමාවකට කොටු නොවී විවිධ තේමාවල නිර්මාණ අත්හදා බැලීම් කරන්න මම කැමතියි. එවැනි චිත්‍රපට මට ලැබුණා.

11222815_10153517602164700_197756274530167504_nQ චිත්‍රපට සංගීතයට ලංකාවේ පවතින වෙළෙඳ පොළ තුළ හෝ ක්ෂේත්‍රය තුළ තිබෙන්නේ කෙබඳු අවකාශයක්ද

ලංකාවේ චිත්‍රපට සංගීතය තුළ ඉහළින්ම ඉන්නේ මාස්ටර් ප්‍රේමසිරි කේමදාස මහත්තයා. ඔහුගේ සංගීතයත් එක්ක චිත්‍රපටවලට විශාල ඉල්ලුමක් පැවතුණා. එතුමන්ගේ සංගීත නිර්මාණවල සංකීර්ණ බවක් වගේම සරල බවක් තිබෙනවා. ඒ සංගීතයෙන් ප්‍රේක්ෂකයා චිත්‍රපට බලන්න ලොකු පෙළඹුමක් ඇති කළා. ඉන්දියාවේ චිත්‍රපට ගත්තත් ඒ චිත්‍රපට නරඹන්න ප්‍රේක්ෂකයන් පැමිණෙන්න සංගීතයෙන් ලොකු දායකත්වයක් ලබාදෙනවා. ගීත සඳහා ඔවුන් චිත්‍රපටයටත් වඩා දැවැන්ත කැපකිරීමක් සිදුකරනවා. ලංකාව තුළ මීට දශකයකට පෙර වගේ චිත්‍රපට ශාලා හිමියන් සඳහන් කළා චිත්‍රපට දුවන්නේ නැහැ කියලා. එහිදී මම දැකපු දෙයක් තමයි සමහර චිත්‍රපටවල සංගීතය සදහා නිසි කැපකිරීමක් කරලා තිබුණේ නැහැ. හින්දි චිත්‍රපටවල ගී තනු යොදාගෙන ගීත නිර්මාණය කරලා තිබ්බා. නමුත් මෑතක් වන විට බොහෝ චිත්‍රපට ප්‍රේක්ෂකයන් නරඹන්න යොමු වුණා. ඒ සෑම චිත්‍රපටයකම සංගීතය ඉහළ මට්ටමක පැවතුණා. උදාහරණයක් කියනවා නම් %හෝ ගානා පොකුණ^ චිත්‍රපටයේ දිනේෂ් සුබසිංහගේ සංගීතය, දර්ශන රුවන් දිසානායකගේ %සමනල සන්ධ්වනිය^ චිත්‍රපටයත් එවැනි චිත්‍රපට. ඒ චිත්‍රපටවලට සංගීතය තුළින් බොහෝ දේ සිදුව තිබෙනවා. වර්තමානයේදීත් සංගීතය චිත්‍රපටයට නිවැරදිව යෙදුවහොත් චිත්‍රපටය නරඹන්න ප්‍රේක්ෂකයන් ඉන්නවා. හොඳ සංගීත නිර්මාණ භාරගන්න ප්‍රේක්ෂක පිරිසක් ලංකාව තුළ සිටිනවා. චිත්‍රපටයේ නිෂ්පාදනයේ කටයුතු සාර්ථක නම් මම හිතනවා එයට වෙළෙඳ පොළක් වර්තමානය වන විට තිබෙනවා කියලා.

Q චිත්‍රපට පසුබිම් සංගීතඥයෙක් වෙන්න ඔබ බලාපොරොත්තු වුණේ එය ඉටු වුණා. ඉන්පසු ඔබට තිබෙන අරමුණ මොකක්ද

මගේ අරමුණු කිහිපයක් තිබෙනවා. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරයෙකු වෙනවා කියන දේට පළමු පියවර පමණයි තැබුවේ. චිත්‍රපට දෙකයි දැනට අවසන් වෙලා තියෙන්නේ. මියුසික් කිව්වම සින්දු කියන දේ තමයි ගොඩක් අය හිතන්නේ. සංගීත භාණ්ඩයකින් නිකුත් වන හඬත් මියුසික්. මගේ ලොකු බලාපොරාත්තුවක් තිබෙනවා වොයිස් නොමැතිව සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන නිර්මාණ කිහිපයක් කරන්න. වෙළෙඳ පොළ තුළත් ඒ දේවලට ලොකු ඉල්ලුමක් තිබෙනවා.

Q වැඩි කාල වේලාවක් ලබා දී තිබෙන්නේ චිත්‍රපට සංගීත නිර්මාණ සඳහාද

මූලිකත්වයක් දීල තියෙන්නේ චිත්‍රපට ගීතවලට. චිත්‍රපට නිර්මාණ කරන අතරතුර වෙනත් නිර්මාණ කරන්න ලැබෙන කාලය අඩුයි. නමුත් ලැබෙන වෙලාවට ගීත නිර්මාණ කරනවා. ඒ වගේම ආධුනිකයන්ටත් නිර්මාණ සිදුකරනවා. චිත්‍රපට පසුබිම් ගීතවලටත් ආධුනිකයන්ට අවස්ථාව ලබාදෙන්න සූදානම්.

හොඳ සංගීත නිර්මාණ භාරගන්න ප්‍රේක්ෂක පිරිසක් ලංකාව තුළ සිටිනවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :