පාකිස්තාන තලේබාන් උප නායකයාට ඩ්‍රෝන ප්‍රහාරයක්
( නරේන් විශ්වජිත් ) 2018-02-13 08:45:14
Comments - 0       Views - 438

පාකිස්තානයේ තාලේබාන් ත්‍රස්ත සංවිධානයේ උප නායකයා ලෙස කටයුතු කර ඇති ඛාලිඩ් මෙෂූඩ් ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකුණු මෙෂූඩ් තහනමට ලක්කෙරුණු තෙහිරික්-ඊ තලේබාන් පාකිස්තාන් සංවිධානය හෙවත් පාකිස්තාන තලේබාන් ත්‍රස්ත සංවිධානායේ උප නායකයාය. මෙම සංවිධානය මූලධර්මවාදී තලේබාන් සංවිධානයේ පාකිස්තාන ශාඛාව ලෙස සැලකිය හැකිය.

උතුරුදිග වසිරිස්තාන පළාතේදී ඔහුට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති අතර, එය ඇෆ්ගනිස්තාන දේශසීමාවට ආසන්න ප්‍රදේශයකි.

මෙම ත්‍රස්ත සංවිධානයද තම සාමාජිකයාගේ මරණය විශේෂ ප්‍රකාශයකින් තහවුරු කර තිබේ.

1_Pakistan

පාකිස්තාන තලේබාන් උප නායකයාට ඩ්‍රෝන ප්‍රහාරයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :