සෞඛ්‍යට අහිතකර පුරුදු දුරලමු
( . . ) 2018-02-06 12:58:26
Comments - 0       Views - 636

අහිතකර ආහාර පුරුදු පිළිකා රැසකට හේතුකාරක සපයන බව ඔබ දන්නවාද? සෞඛ්‍යට හිතකර සමබර ආහාර වේලක් ගැනීමෙන් පිළිකා ඇතුළු බෝ නොවෙන රෝග බොහෝ ප්‍රමාණයක් වැලඳීමේ අවධානම අඩුකරයි.සෞඛ්‍යදායී ආහාර වේලක් කෙසේ විය යුතුද?  යන්න අපි දැන් විමසා බලමු. 


630x355

1) විවිධ වර්ණවලින් හා රසයෙන් යුත් ස්වභාවික එළවළු , පලතුරු හා පළා වර්ග බහුලව ආහාරයට ගන්න. නමුත් කෘතිම වර්ණකාරක හා රසකාරක ඒවාට නොයොදන්න.

2) පුද්ගලයාගේ උසට සරිලන බර පවත්වා ගැනීමට හැකි පරිදි පිෂ්ටය සහිත ආහාර  නියමිත ප්‍රමාණයෙන් ගන්න.

3) හිතකර මේදය බහුලව ඇති මාළු ආහාරයට එකතුකර ගන්න

4) මස්වල අඩංගු මේදය සහ සම ඉවත්කර  ආහාරයට ගන්න.රතු මස්    වර්ග  ආහාරයට ගැනීම සීමා කරන්න.

5)  සොසේජස් , මීට් බෝල්ස් වැනි සකසන ලද මස් භාවිතයෙන් වළකින්න. 

6) යොදය සහිත කිරි  බටර් වැනි සංතෘප්ත මේදය අඩංගු ආහාර සීමාකරන්න. 

7) තෙල් සීනි සහ ලුණු බහුල ආහාර  භාවිතය සීමා කරන්න

ශාරීරික ව්‍යායාම අත්‍යවශ්‍යය

ළමයින් සහ යෞවනයන් දිනපතා පැයක් ශාරීරික ක්‍රියාකාරකමක හෝ ව්‍යායාමයක යෙදිය යුතුය.
වැඩිහිටියන් හා වයස්ගතවූවන් දිනකට විනාඩි 30 ක් බැගින් සතියකට දින 05 ක්  ව්‍යායාමයක හෝ කය වෙහෙසවා කරන කාරියක නිරත විය යුතුය.

ශාරීරික ව්‍යායායමයක් එක් දිනකදී නොකඩවා කළ නොහැකි නම්  එය විනාඩි 10 ක් හෝ 15 ක්  කොටස් ලෙස වෙන් කර සිදු කිරීමට පුලුවන.

Outdoors yoga

මානසික ආතතියෙන් ඈත් වෙමු

මානසික ආතතිය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අහිතකර ලෙස බලපෑම මගින්  ෙරා්ගවලින් ආරක්ෂාවීමේ හැකියාව අඩු කරයි.  ඒ නිසා මානසික ආතතිය පාලනය සඳහා උනන්දුවෙන්න.

ආගමික කටයුතුවල යෙදෙන්න

සමාජශීලී වෙන්න

විනෝදාංශවල යෙදෙන්න

ඉහිල්වීමේ ව්‍යායාමවල යෙදෙන්න

පරිසර දූෂණය අවම කරගන්න

අවට පරිසරය පිරිසුදුව තබාගන්නා අතරම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය විකිරණ හා විෂ දුම්වලට නිරාවරණයවීම  අවම කරගන්නට උනන්දුවෙන්න.

 

සෞඛ්‍යට අහිතකර පුරුදු දුරලමු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :