ගල්ගමුව ඓතිහාසික රැස්වෙහෙරේ චිත්‍ර සහ බුදු පිළිම විනාශවීමේ අවදානමක
( . . ) 2018-02-05 09:55:32
Comments - 0       Views - 377

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකමකින් යුත් ගල්ගමුවට නුදුරුව ඇති රැස්වෙහෙර ඓතිහාසික පුරාණ විහාර ස්ථානයේ ඇති පැරණි සත් පිළිම විහාර මන්දිරයේ  සහ මහ විහාර මන්දිරයේ ඇති මහනුවර යුගයට සම්බන්ධ ඉතා වටිනාකමකින් යුත් චිත්‍ර සහ බුදු පිළිම මේ වනවිට අපැහැදිලි වෙමින් සහ මැකීයමින් පවතින බවට වාර්තාවේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම  විහාරස්ථානයේ කිසිම පිළිසකර කිරීමක් වසර ගණනාවකින් කර නොමැති වීම හේතුවෙන් පිළිම සියල්ලම කළුපැහැ ගැන්වී ඇති බව විහාරස්ථ දායක සභාව පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර මෙම ස්ථානයේ විහාර මන්දිරවල ඇති බුදු පිළිම සහ චිත්‍ර විනාශ වීමට ඉඩ නොදී ආරක්ෂා කරදෙන ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 

වාරියපොළ -එන්.එස්.එස්.කුමාර

DSC01211 DSC01212 DSC01236 DSC01239

 

ගල්ගමුව ඓතිහාසික රැස්වෙහෙරේ චිත්‍ර සහ බුදු පිළිම විනාශවීමේ අවදානමක සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :