පුරාවිද්‍යා බලධාරීන්ගේ අවධානය යොමු නොවීම නිසා විනාශ මුඛයට ලක්වූ කහවත්ත පුරාණ රජමහා විහාරය
( . . ) 2018-01-29 10:56:18
Comments - 0       Views - 599

08 (2)

දකුණුලක ගිරුවා පත්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් බෙලිඅත්ත, කහවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් කහවත්ත පුරාණ රජමහා විහාරය කෙරෙහි මෙතෙක් පුරාවිද්‍යා බලධාරීන්ගේ අවධානය යොමු නොවීම නිසා එහි මතුව ඇති නටඹුන් අද වනවිට දිනෙන් දින කැලෑවට ගොස් විනාශ වෙමින් පවතින බව එහි විහාරාධිපති පූජ්‍ය වටරක්ගොඩ ඤාණසිරි හිමියෝ පවසති.

බෙලිඅත්ත නගරයේ සිට වලස්මුල්ල මාර්ගය ඔස්සේ සැතපුම් පහක් ගොස් හමුවන කහවත්ත පාලම අසලින් වමට හැරී සැතපුම් භාගයක් පමණ ගිය විට, කිරම ඔය නදිය අසබඩ රමණීය වූ භූමි භාගයක මෙම ඓතිහාසික පුදබිම පිහිටා තිබේ.
මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයට අයත් මහානාග රජු දවස ඉදිකළ එකක් බවට සාධක හමු වී ඇත. විහාරස්ථානයේ විවිධ ඉදිකිරීම්වලදී ගල් කණු, ඉපැරණි ගඩොල් හා උළු වර්ග ඇතුළු නටඹුන් රැසක් මතුවි තිබේ. එකල රහතන් වහන්සේ 500 නමක් මෙහි වැඩසිට ඇති අතර, උන්වහන්සේලා විහාරස්ථානය අසලින් ගලා බසින කිරම ඔයෙන් සිවුරු සෝදා ප්‍රදේශය පුරා එලා තැබීම හේතුවෙන් ප්‍රදේශයම කසාවතින් බැබලී තිබේ. මේ හේතුව නිසාම මෙම ප්‍රදේශය එදා කසා වත්ත ලෙස හඳුන්වා ඇති අතර, පසුව එය කහවත්ත බවට පත් වූයේ යැයි පැවසේ.

මහානාග රජ දවස ඉදිකළ ඉපැරණි චෛත්‍ය වහන්සේ ගරාවැටී ඇති අතර, එහි මුදුනත වසර දහසකටත් වඩා පැරණි බෝධීන් වහන්සේ නමක් රෝපණය වී තිබේ. මෙය දැනට දකුණුලක තිබෙන පෞරාණිකම බෝධීන් වහන්සේ ලෙසද සැලකේ.
මහා දුර්භික්ෂයක් හේතුවෙන් කලක් ජන ශූන්‍ය ප්‍රදේශයක් බවටද මෙම ප්‍රදේශය පත්ව තිබේ. මහනුවර උපසම්පදාව ඇති කිරීමෙන් පසු මුල්ගිරිගල විහාරයේ වැඩසිටි වටරක්ගොඩ ධම්මපාල හිමියන් උපසම්පදාව ලබා බිහිකළ සිසුන් 12 දෙනාගෙන් එක් අයෙකු වූ ගල්වැව සොභිත හිමියන් 1800දී මෙම ප්‍රදේශයට පැමිණ, මෙම විහාරය සොයාගෙන නැවත වඳින පුදන ස්ථානයක් බවට පත්කර තිබේ.

???????????????????????????????

එතැන් පටන් කහවත්තේ බුද්ධරශ්මිත, අකුරුගොඩ සුදස්සී, තාරපේරියේ පියදස්සී, කහවත්තේ පියරතන, ගලගම රතනජෝති, ඌරුගමුවේ රතනජෝති යන නාහිමිවරුන් වහන්සේලා මෙහි අධිපතීත්වය දරා තිබේ. වර්තමානය වනවිට කහවත්ත විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, ශාස්ත්‍රවේදී වටරක්ගොඩ ඤාණසිරි හා නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතනයේ උපපරිවෙනාධිපති, වටරක්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති, ශාස්ත්‍රපති ඕමාරේ පුඤ්ඤසිරි යන හිමිවරුන් දෙපොළ මෙම විහාස්ථානයේ දියුණුව වෙනුවෙන් කැපවී වැඩකටයුතු කරති. 
අද වනවිට විහාරස්ථාන‍යේ නටඹුන්වලට අත්ව ඇති ඉරණම පිළිබඳව විහාරධිපති හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.

' මෙම විහාරස්ථානය අනුරාධපුර මුල් යුගයට අයත් මහරහතන් වහන්සේලා පවා වැඩ සිටිය භූමියක්. අවුරුදු දහසකටත් වඩා ඉපැරණි බෝධීන් වහන්සේ නමක් පවා මේ විහාරස්ථානයේ තියෙනවා. ඊට අමතරව අනුරාධපුර යුගයට අයත් ගල් කණු, ගඩොල්, උළුකැට මේ පුදබිමේ තිබී අවස්ථා ගණනාවකදීම හසුවුණා. විහාරස්ථානයට යාබදව තිබෙන පුද්ගලික ඉඩමක් පසුගිය කාලයේ නිවසක් හදන්න සිදුකළ ඩෝසර් කිරීමකදී ඉපැරණි, පැතලි හා ත්‍රිකෝණාකාර ඇතුළු වර්ග 05ක ගඩොල් මෙහි තිබී හමුවුණා. එහිදී මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාම ඔවුන් ඇවිත් මෙම ස්ථානය පුරාවිද්‍යාත්මකව වටිනා ප්‍රදේශයක් බවට පවසා ඉදිකිරීම් තහනම් කර ගියා ගියාමයි අද වෙනකම් කිසිවෙකුත් ආවේ නෑ. පන්සල් භූමියේ පොල්වළක් කැපුවත් හමුවන්නේ ඉපැරණි නටබුන් හා ගල් කණු ආදියයි. විහාරස්ථාන භූමියේ ඇති ඉපැරණි බෝධීන් වහන්සේ පවා අද වනවිට කැලෑවට ගොස් විනාශ වෙමින් යනවා. විහාරස්ථානයෙන් මතු වූ විවිධ නටබුන් පවා අද වනවිට විවිධ ස්ථානවල පස්වලට යටවී කැලෑවට ගොස් විනාශ වෙමින් තියෙනවා. අපි මේවා පිළිබඳව වගකිවයුතු පාර්ශ්ව වෙත වාචිකව මෙන්ම ලිඛිතව පවා දැනුම් දුන්නා. නමුත් අද වෙනකම් කිසිදු බලධාරියෙක් මේ පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදුකරලා නෑ. පුරාවිද්‍යා නිලධාරීන් කරන්නේ විහාරස්ථානයේ කුමක් හෝ සංවර්ධනයකදී යම් පුරා විද්‍යාත්මකව වටිනා දෙයක් හමුවුණා කියලා දැනගත්ත ගමන් ඇවිත් එය තහනම් කරලා යන එක විතරයි. ඒ පිළිබඳව නිසි සොයා බැලීමක් කරන්නේ නෑ. අපි පුරා විද්‍යා එකෙන් මේ ගැන අහුවම කියන්නේ සල්ලි නැති නිසා කැණීම් සිදුකරන්න විදිහක් නැ කියලයි. අද වනවිට විහාරස්ථානය නිදන් හොරුන්ගේ තර්ජනයට පවා ලක්වෙලයි තියෙන්නේ. ඒ නිසා මේ තරම් වටිනා ස්ථානයක් විනාශයට යෑමට නොදී මතු පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරදෙන්න කියා තමයි අපි ඉල්ලන්නේ*.

සූරියවැව - නුවන් ජයසේකර

??????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????

පුරාවිද්‍යා බලධාරීන්ගේ අවධානය යොමු නොවීම නිසා විනාශ මුඛයට ලක්වූ කහවත්ත පුරාණ රජමහා විහාරය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :