X
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් වර්ජනයකට
( නිදර්ශනී වික්‍රමසිංහ ) 2018-01-22 16:18:42
Comments - 0       Views - 544

දිවයින පුරා සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි එළඹෙන 25 වැනිදා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කරයි.

එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද (22දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වෘත්තීය ගැටලු 07ක් මුල් කර ගනිමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග 2016 වසරේ අගොස්තු 08 වන දින ඇති කරගත් ලිඛිත එකඟතාවන් මේ වනතෙක් ක්‍රියාත්මක කර නොමැති බැවින් මෙම විරෝධතාව දියත් කරන බවද හෙතෙම එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

26815491_1911347478895354_886279449623488412_n

 

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් වර්ජනයකට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :