වර්ගවාදී කතාව සංක්‍රමණික දරුවන් වෙනුවෙනුයි - ට්‍රම්ප්
( නරේන් විශ්වජිත් ) 2018-01-17 00:20:52
Comments - 0       Views - 247

හයිටිය හා අප්‍රිකාව සම්බන්ධයෙන් තමන් කළේ යැයි පවසන ආන්දෝලනාත්මක වර්ගවාදී ප්‍රකාශය සංක්‍රමණික දරුවන් සම්බන්ධයෙන් වූ එකඟතාවකට පැමිණීමේ උවමනාවෙන්u සිදුකළ ප්‍රකාශයක් පමණක් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

"වර්ගවාදීබවෙන් අඩුම පුද්ගලයා මමයි. මම වර්ගවාදී පුද්ගලයෙකු නෙමෙයි. ඔබලාට හමුවන අයගෙන් වර්ගවාදීබවෙන් අඩුම තැනැත්තා මමයි" ෆ්ලොරීඩා හිදී මාධ්‍යයට අදහස් දක්වමින් ට්‍රම්ප් මෙම අදහස් පළ කර තිබේ.

සංක්‍රමණිකයන් ආරක්ෂා කර ගනිමින් ඔවුන් දරුවන් ලෙස එක්සත් ජනපදය වෙත ගෙන්වා ගැනීම තම ඒකායන බලාපොරොත්තුව බව පවසා ඇති ට්‍රම්ප්, හිටපු ජනපති බරැක් ඔබාමා හඳුන්වා දුන් ඩී.ඒ.සී.ඒ. වැඩසටහන ප්‍රමාණවත් නොවුනත්, එය ශක්තිමත් කර ගනිමින් වඩාත් පුළුල් වැඩපිළිවෙළකට යෑම තම අභිප්‍රාය බවද පවසා තිබේ.

1_Trump

වර්ගවාදී කතාව සංක්‍රමණික දරුවන් වෙනුවෙනුයි - ට්‍රම්ප් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :