වසර 300ක් පැරණි මිද්දරමුල්ල පුරාණ රජමහා විහාරය රැකගැනීමට ඔ‍ෙබි සහාය ලබාදෙන්න
( . . ) 2018-01-12 16:19:19
Comments - 0       Views - 287

අහුන්ගල්ල, මිද්දරමුල්ල පුරාණ ක්‍ෂේත්‍රාරාම රජමහා විහාරස්ථානය, වසර 300කට වඩා ඉතිහාසයක් සහිත ඉපැරණි පුදබිමකි. එහි විහාර මන්දිරයේ බිතුසිතුවම් හා ඓතිහාසික ධර්ම මන්දිරය නුවර යුගයට අයත්ය. මෙම විහාර මන්දිරයේ හා ධර්ම මන්දිරයේ කිසිදු වෙනස්කමක් හෝ අලුත්වැඩියාවක් නොකරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ද දැනුම් දී තිබේ. නමුත් විහාර මන්දිරයේ බිතුසිතුවම් හා ධර්ම මන්දිරය ආරක්ෂා කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් බිතුසිතුවම් හා ඉපැරණි ධර්ම මන්දිය විනාශ වෙමින් තිබේ.මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කළද කිසිදු ප්‍රයෝජනයක් නොවූ බව විහාරාධිපති හිමියෝ පවසති.


Poto - 02

බිතුසිතුවම් සංරක්ෂණය කිරීමට හා විහාර මන්දිරය අලුත්වැඩියා කිරීමට වැය වන සියලු වියදම් තමන් දැරීමට සූදානම් බව පවසමින් එම කටයුතු කර දෙන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියද, ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවද විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කළහ. ගණින්නාන්සේලා පිරිසක් පළමුවෙන් මෙම විහාරස්ථානයේ වැඩසිට ඇත. එයින් පසු වැඩසිට ඇත්තේ හෑගල්ල ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමකි. අමරපුර නිකාය පිහිටුවා වදාළ වැලිතර ශ්‍රී ඥානවිමලතිස්ස මහා නාහිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් වූ මීගමුවේ ආසභතිස්ස නාහිමියන් විසින් මෙම විහාරස්ථානය සංවර්ධනය කර තිබේ. ඉපැරණි විහාර මන්දිරය, මහනුවර යුගයට අයත් එකකි. එහි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බිතුසිතුවම් රැසක් මේ වන විට විනාශ වෙමින් තිබේ. විහාර මන්දිරයේ බිත්තිවල පහළ කොටසේ සිතුවම් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී තිබේ. විහාර මන්දිරයේ සිවිලිමේ ලෑලිවලද ඉතා විචිත්‍රවත් අන්දමින් සිතුවම් ඇඳ ඇති අතර, මේ වන විට එම ලෑලි තැනින් තැන ගැලවී දිරාපත් වී ඇත. වහලයේ උළු බිඳී යෑම නිසා ඒ තුළින් ජලය කාන්දු වීම හේතුවෙන් මෙසේ සිවිලිම දිරාපත් වී තිබේ. මෙම විහාර මන්දිරයේ කිසිදු අලුත්වැඩියාවක් නොකරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇතත්, එය අලුත්වැඩියා කිරීමට ඔවුන්ද කිසිදු මැදිහත්වීමක් නොකිරීම තුළ විහාර මන්දිරය විනාශ වෙමින් පවතී.

තමන්ට අලුත්වැඩියා කර ගැනීමට ඉඩ ලබාදෙන්නේ නම් එය සිදුකර ගැනීමට හැකි බවද විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කරති. කළුගලින් නිමකරන ලද අතු 05කින් සමන්විත ගල්මල් ගසක්ද විහාර මන්දිරය පිහිටි භූමියේ ඇත. පෞරාණික වටිනාකමකින් යුත් මෙම ගල්මල් ගසින් සිවුවනක් පිරිස පිළිඹිබු වන බව පැරැන්නෝ කියති. මෙම ගල්මල ආරක්ෂා කර ගැනීම විහාරයේ පෞරාණික බව රැකගැනීමටද මහෝපකාරී වේ.

Poto - 03

ධර්ම මන්දිරය පෞරාණික වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලකි. එහි පෞරාණික බව නිසාම මිල කළ නොහැකි මට්ටමක පවතී. මෙම ධර්ම මන්දිරය සකසා ඇත්තේ ඉගිලෙන පරෙවියෙකුගේ හැඩයටය. මෙම ගොඩනැගිල්ල මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අබලන් වී තිබේ. ගොඩනැගිල්ලේ තිබූ සොල්දරයද මේ වන විට භාවිත කළ නොහැකි මට්ටමින් දිරාපත් වී තිබේ. මෙම ගොඩනැගිල්ල දකුණු පළාතේ තිබෙන ඉපැරණි ගොඩනැගිල්ලක් බවද දැනගන්නට තිබේ. ගොඩනැගිල්ලේ පිටුපස කොටස මේ වන විට විශාල වශයෙන් දිරාපත්ව ඇත. මැටියෙන් තැනූ බිත්තිවල ඇතැම් ස්ථාන කඩා වැටෙමින් තිබේ. මෙම ගොඩනැගිල්ල ආරක්ෂා කරගැනීමට විහාරාධිපති හිමියන්ට හා දායක පිරිසට අවශ්‍යව ඇතත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඊට හරස්වී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම පෞරාණික දේෙපාළ ආරක්ෂා කිරීමට කටයුතු කිරීම කෙසේ වෙතත් ඒවා විහාරාධිපති හිමියන්ට හෝ රැකගන්නට ඉඩ දෙන්නේ නැත. අඩුම වශයෙන් ඒ සඳහා වැය වන මුදල ලබාදීමට කැමැත්ත පළකර තිබියදීත් ඒ වෙනුවෙන් උනන්දුවක් නොදැක්වීම කනගාටුදායකය.Poto - 12
මේ සම්බන්ධයෙන් අහුන්ගල්ල, මිද්දරමුල්ල පුරාණ ෙක‍ෂ්ත්‍රාරාම විහාරාධිපති, බලපිටිය විහාරාධිපති සංගමයේ සභාපති ආඥාපොළ මංගල හිමියන්ගෙන් විමසූ විට මෙසේ පැවසීය.

&මේ විහාරස්ථානය ඉතා පෞරාණික පන්සලක්. මෙහි බිතුසිතුවම් සියල්ල නුවර යුගයට අයත්. ධර්ම මන්දිරයත් ඉතා පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්තයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් නැතිව කිසිදු අලුත්වැඩියාවක්, වෙනස්කමක් කරන්න එපා කියල නියෝගයක් පනවල තිබෙනවා. මේ වන විට විහාර මන්දිරයේ තත්ත්වය හා ධර්ම මන්දිරයේ තත්ත්වය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීල තිබෙනවා. දැන් වසර 03ක් තිස්සේ ලියුම් ලියනවා. දෙතුන් සැරයක් ගිහිල්ලත් කිව්වා. ඒ අය මේ ගැන හොයන්නේ නැහැ. තමන්ගේ බලය පතුරුවා ගන්නයි අවසරයක් නැතිව මොකුත් කරන්න එපා කියල කියන්නේ. එහෙම නැතුව පෞරාණික දේපොළ ආරක්ෂා කරගන්න ඒ අයට  ඕනෑකමක් නැතුව වගෙයි පෙනෙන්නේ. අපිට අලුත්වැඩියා කරගන්න දෙන්නෙත් නැහැ. ඒ අය අලුත්වැඩියා කරන්නෙත් නැහැ. අපි සල්ලි දෙන්න අලුත්වැඩියා කරදෙන්න කියල ඉල්ලුවා. ඒකටත් ඔවුන්ගෙන් උත්තරයක් නැහැ. ඒ නිසා විහාර මන්දිරය හා ධර්ම මන්දිරය අලුත්වැඩියා කර දෙන ලෙස නැවත වරක් මෙසේ මාධ්‍ය මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. රටේ දේශපාලන බලධාරීන් හෝ මැදිහත්ව මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කරාවි යැයි විශ්වාස කරනවා'
දුරකථනය - 0722504359 (ආඥාපොළ මංගල හිමි)

Poto - 02 Poto - 07 Poto - 09

තමිඳු මධුසර ලියනගේ - අහුන්ගල්ල

වසර 300ක් පැරණි මිද්දරමුල්ල පුරාණ රජමහා විහාරය රැකගැනීමට ඔ‍ෙබි සහාය ලබාදෙන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :