තුන්කොන් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පිටත්ව යයි
( දිනේෂ් මන්ත්‍රීවිතාන ) 2018-01-12 15:36:48
Comments - 0       Views - 1478

බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම හෙට (13දා) අලුයම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

හෙට අලුයම 5.15ට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම එළඹෙන 17 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමගින් සිය පළමු තරගයට සහභාගිවීමට නියමිතය. තරගාවලියේ සියලුම තරග දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වේ. 

Sri-Lanka-Cricket-3

තුන්කොන් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පිටත්ව යයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :