ගල්කිස්ස ප්‍රදේශයේ ජංගම ගණිකා නිවාසයක් වටලයි
( නරේන් විශ්වජිත් ) 2018-01-12 10:38:14
Comments - 0       Views - 1661

ගල්කිස්ස පිරිවෙන මාර්ගයේ ජංගම ගණිකා නිවාසයක් පිළිබඳ ලැබුණු තොරතුරක් මත ගල්කිස්ස පොලීසිය සිදුකළ වැටලීමකදී එම ගණිකා නිවාසය කළමනාකරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුමට ගත් සැකකරු සහ සැකකාරියන් වයස අවුරුදු 23, 28 සහ 35 යන වයස්වල පසුවන නුගේගොඩ සහ මහරගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

සැකකරු හා සැකකාරියන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ගල්කිස්ස ප්‍රදේශයේ ජංගම ගණිකා නිවාසයක් වටලයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :