ඩ්‍රාවිඩ්ගේ පුතාත් ක්‍රිකට් පිටියට
( . . ) 2018-01-11 13:20:07
Comments - 0       Views - 1511

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුතා සමිට් ඩ්‍රාවිඩ් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වමින් සිටියි. ඔහු ‘කර්ණාටක ක්‍රිකට් සංගමය’ මගින් සංවිධානය කළ 14න් පහළ  පාසල් ක්‍රිකට් තරගයකදී ශතකයක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම පිළිබඳව මේ වනවිට ඉන්දීය මාධ්‍ය තුළ ඉහළ ප්‍රතිචාරයක් ලබාදෙයි.

මෙහිදි සමිට් ලකුණු 150ක් රැස්කිරීමට සමත්ව ඇත. ඉන්දීය තවත් හිටපු ක්‍රීඩකයෙක් වෙන සුනිල් ජෝශිගේ පුත් අර්යන් ජෝශිද සමිට් සමග එක්ව දක්ෂතා දක්වා ඇති අතර, ඔහු ලකුණු 154ක් රැස්කිරීමට සමත්ව තිබේ.

තරගයේදී පන්දුවාර 50ක් තුළ සමිට් නියෝජනය කළ ‘මල්යා අඩිටි’ ජාත්‍යන්තර පාසල ලකුණු 500/5ක් රැස්කිරීමට සමත්ව ඇත. ඔවුන් ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව ලකුණු 412ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

samit-dravid-twitter_806x605_61515588161

 

ඩ්‍රාවිඩ්ගේ පුතාත් ක්‍රිකට් පිටියට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :