පුවක්පිටිය ශ්‍රීමත් රංවල දේවාලය
( . . ) 2017-12-18 09:29:19
Comments - 0       Views - 323

ලාංකිකයන් මෙන්ම මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ද බාරහාර වන වැඳුම්පිඳුම් කරන දෙවොලක් ලෙස %පුවක්පිටිය ශ්‍රීමත් රංවල දේවාලය^ ප්‍ර‘දේශවාසීහු හඳුන්වති.
මෙම දේවාලයට සම්බන්ධ තවත් රංවල දේවාල කිහිපයක් කොස්ගම, කනම්පැල්ල හරහා මාර්ගයේ පූගොඩ කැලණි ගංතොටුපොළ අසලත්, පැපිලි ප්‍ර‘දේශයෙත් පිහිටා ඇත.
පුවක්පිටිය රංවල ශ්‍රීමත් දේවාලය වැඩි ප්‍රසිද්ධියක් ලබා ඇති ස්ථානයකි. ඒ ප්‍රධාන මාර්ගයක් අසල පිහිටා තිබීම නිසාවෙනි. කොළඹ සිට රත්නපුර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවල හා දුරසේවා ගමන් ගන්නා රථවාහන මගින් පඬුරක් දමා යාමද සිරිතක් වශයෙන් පැවැත එන සිරිතකි.

එය අද ඊයේ සිදුවූවක්ද නොවේ. ශතවර්ෂ ගණනාවක් තිස්සේ සිට පැවැත එන සිරිතකි. නැතහොත් පිළිවෙතකි. පඬුරු දැමීමෙන් හා බාරහාර වීමෙන් මගී බැතිමතාගේ ස්වකීය ගමනේ ආරක්ෂාවත්, ගමනේ සාර්ථකත්වයත් දෙවියන් විසින් සිදුකරදෙන බව භක්තිවන්තයන් හා මගීහු පවසති. එසේම බාරහාර වීමෙන් විභාගවලින් සමත් වීම, අපල දුරු වීම, නඩු හබවලින් ජයගැනීම, ලෙඩදුක් සනීප වීම සිදුවන බවද බැතිමත්හු විශ්වාස කරති. හුදෙක් මේ නිසා මෙම ස්ථාන සුවිශේෂි ස්ථානයකි. අලුත තැනූ නිවසක් විවෘත කිරීමේදී, විවාහ මංගල්‍යයක් සිදුවීමේදී, ළිඳක් කපා අලුත්ම ජලය ගැනීමේදී ප්‍ර‘දේශවාසීහු අතීතයේ සිට වර්තමානය දක්වා රංවල දෙවිඳුන්ව අමතක නොකරති.
ශ්‍රී පාදයට අධිගෘහිත වූ ශ්‍රී සුමන දෙවියන්ගේ කරුණාව පතා සමන්ගිරි පර්වතය තරණය කිරීමට යෑමේදී, රංවල දෙවියන්ට බාරහාර වී, පඬුරු ගැටගසා වත්පිළිවෙත් කොට යෑමද එදා මෙන්ම අදත් සිදුවෙන වැදගත් සිද්ධියකි. එය පාරම්පරිකව සිදුකෙරේ.
රංවල දෙවියන් ගැන කතා කිරීමේදී එම දෙවියන්ගේ අතීත තොරතුරු සටහන් කිරීමද වැදගත් වේ.

IMG_0998

ක්‍රි.ව. 1635 සිට 1687 දක්වා සෙංකඩගල පාලක රජු වූයේ දෙවන රාජසිංහ රජුය. ඔහුගේ ගබඩා පාලක වූයේ අස්වන් රාළ නමැත්තෙකි. ඔහු සේවය කළ ගබඩා සංකීර්ණ ගිනිබත් වීම නිසා හෙතෙම රාජ උදහසට ලක්විය. දුටුතැන අල්ලා රජු ඉදිරියට ගෙන එන ලෙස රාජ නියෝගයක්ද පනවා තිබිණි. ඔහු පා ගමනින් රාත්‍රි‘යේ කෑගල්ල රංවල ප්‍ර‘දේශයට පලාගොස් ඇත. එහිද වාසයට බිය වූ අස්වන් රාළ රුවන්වැල්ල ප්‍ර‘දේශයට ගොස් කොළඹ දක්වා ලී කපා පාරුවක් ලෙස සාදා ගෙනගොස් විකුණා ඇත. එයට තම බාල සහෝදරයා වූ වෙසන්වන් රාළද සහභාගි කරගෙන තිබුණි. කාලයක් ගත වූ පසු ලී පාරු රැකියාව නිසා කැලණි ගඟ අසල තොටුපොළවල ප්‍ර‘දේශවාසීන් හා ගැමියෝ විශාල පිරිසක් ඔහුගේ මිත්‍රයෝ බවට පත්වූහ.
තොටුපොළවල් සමූහයක් කැලණි ගඟේ සිට කොළඹ දක්වා ඇතත් පුවක්පිටිය, ඇස්වත්ත, තොටුපොළට විශේෂත්වකින් සැලකීම ඔහුගේ පුරුද්දක් විය. ඒ ගැමියන්ගේ සුහද ඇසුර නිසා යැයි කිව හැකිය. මේ අයුරින් කාලයක් ගතවිය. ඇස්වත්ත තොටුපොළ සහ අවට ගම්වාසීහු අයියා මලෝ දෙදෙනාගේ ගජ මිතුරන් වූහ.
අනතුරුව තොටුපොළේ හා ප්‍ර‘දේශයේ ගැමි ජනතාවගේ ඉල්ලීම මත අයියා මලෝ දෙදෙනා ඇස්වතු තොටුපොළේ තොටියෝ දෙදෙනෙක් වූහ. ගැමියන් සිතුම්පැතුම් මුල් කරගෙන තම වෘත්තිය කරගෙන යාමත්, නිතර ආධාර උපකාර කිරීමත් නිසා මෙම දෙදෙනා ගැමියන්ට නැතුවම බැරි අය වූහ.

මෙම අතරේ බාල සහොදර වෙස්වන් රාළ හදිසියේ මිය පරලොව ගියේය. නමුත් අස්වන් රාළ තනිවම ඔරු පැදීමේ රැකියාව කරගෙන ගොස් තිබේ. ඔහු එය සිදුකළේ දැහැමි පිළිවෙතක් අනුගමනය කරමින් බවට පැවසේ. අනතුරුව ගම්වැසියන් යෝජනා කළ තරුණියක් සමග ඔහු විවාහ වී ඇත. ඇයද ඔහු මෙන්ම අනුන්ට උපකාර කරන යහපත් ගතිගුණ ඇති තැනැත්තියක වූවාය. ඔහුත් ඇයත් එක්ව පූගොඩ ප්‍ර‘දේශයේ හේනක් වගාකොට තිබුණි. අදත් එම ප්‍ර‘දේශය හේනේගම වශයෙන් ව්‍යවහාරයේ පවතී. 
කාලයක් ගතවෙද්දී දරුවන් නොලබා ඇය මිය ගියාය. නැවත ඔහු තනි වූ අතර, එහෙත් සුවිශේෂී චරිතයක් වන අස්වන් රාළ ගැමියන්ව අතහැරියේ නැත.

අනතුරුව අස්වන් රාළද මියගියේය. නමුත් අස්වන් රාළ ගැමියන්ගේ සිත්වලින් ඈත් වූයේ නැත. ඔවුහු දෙවියෙකු වශයෙන් ඔහුට යදින්නට පුදන්නට පටන් ගත්හ. රංවල දෙවිඳු නමැති චරිතයක් එයින් මතුවූයේය. අදද පසළොස්වක පෝ දින මධ්‍යම රාත්‍රි‘යේ කිරි බැබළෙන හඳපානේ හා කෙම්මුර දවස්වල ඔරුවක් පැදගෙන යන තොටියෙකු දක්නට ලැබෙන බව ගැමියෝ පවසති.

රංවල දෙවියන්ට කරන පුද සත්කාර අතර කැලණි ගඟ තොටුපොළ අසල ගොක්කොළවලින් සාදන ලද පුහුල් පහන් දැල්වීමෙන් සෙත් ශාන්තියක් ඇතිවන බවත්, අපල උපද්‍රව නැතිවී යන බවත් ඔවුහු පවසති.

අවිස්සාවේල්ල - සෝමසිරි හිඟුරලආරච්චි

DSC_9360

පුවක්පිටිය ශ්‍රීමත් රංවල දේවාලය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :